උපවාසය නැවැත්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මේ වනවිටත් කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින බව එහි නියෝජ්‍ය අධ්යක්ෂ වෛද්‍ය සිරිල් ද සිල්වා ප්‍රකාශ කළා.
මන්ත්‍රීවරයාගේ තත්ත්වය බරපතල නොවන බවයි ඔහු කියා සිටියේ.
දින 09 ක් පුරා ආහාර වර්ජනය කරමින් උපවාසයේ නිරත වූ පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ සිය උපවාසය අද (30) දහවල් අවසන් කළා.
ඒ ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ මහා නායක අතිපූජ්‍ය නාපානේ ප්‍රේමසිරි නාහිමියන් සහ මල්වතු පාර්ශවයේ අනුනායක අතිපූජ්‍ය නියංගොඩ විජිතසිරි හිමියන්ගේ ඉල්ලීම මතයි.
උපවාසය අත්හරින ලෙස මහා සංඝරත්නය ලිඛිතව ඔහුගෙන් කර තිබූ ඉල්ලීම මන්ත්‍රීවරයා වෙත භාර දුන්නේ දක්ෂිණ ලංකාවේ ප්‍රධාන සංඝනායක පූජ්‍ය පල්ලත්තර සුමනජෝති හිමියන් ඇතුළු මහා සංඝරත්නය විසින්.
ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ මහා නාහිමියන් සහ මල්වතු අනුනාහිමියන් යොමුකර තිබූ ලිපි මගින් වැඩිදුරටත් සඳහන් කර තිබුණේ මන්ත්‍රීවරයාගේ උපවාසය ආරම්භ කිරීමට මුල්කරගත් ගැටලූ විසඳීමට තමන් වහන්සේ මැදිහත්ව කටයුතු කරන බවයි.
මේ අතර, ජාතික නිදහස් පෙරමුණේ නියෝජිතයින් සඳහන් කළේ පූජ්‍ය පල්ලතර සුමනජෝති හිමියන් ඇතුළු මහා සංඝරත්නය එහිදී මන්ත්‍රීවරයාට සෙත් පිරිත් සඡ්ඡායනයක්ද සිදුකළ බවයි.
අනතුරුව උන්වහන්සේලා පිළිගැන්වූ කිරි වීදුරුවක් පානය කිරීමෙන් පසුව විමල් වීරවංශ මන්ත්‍රීවරයා උපවාසය අවසන් කළ බව ඔවුන් කියා සිටියා.

Follow US
Most Viewed Stories