පාසලෙන් ලබා දුන් යකඩ පෙත්ත දරුවෙකුට දිවි අහිමි කරයි

Thursday, 30 March 2017 - 18:56

%E0%B6%B4%E0%B7%8F%E0%B7%83%E0%B6%BD%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%BD%E0%B6%B6%E0%B7%8F+%E0%B6%AF%E0%B7%94%E0%B6%B1%E0%B7%8A+%E0%B6%BA%E0%B6%9A%E0%B6%A9+%E0%B6%B4%E0%B7%99%E0%B6%AD%E0%B7%8A%E0%B6%AD+%E0%B6%AF%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B7%99%E0%B6%9A%E0%B7%94%E0%B6%A7+%E0%B6%AF%E0%B7%92%E0%B7%80%E0%B7%92+%E0%B6%85%E0%B7%84%E0%B7%92%E0%B6%B8%E0%B7%92+%E0%B6%9A%E0%B6%BB%E0%B6%BA%E0%B7%92
පාසලෙන් ලබා දුන් බව කියන ඖෂධ වර්ගයක් විෂ විම හේතුවෙන් මාතර - පාලටුව ගුණරතන මධ්‍ය මහා විද්‍යාලයේ පලමු ශ්‍රේණියේ ඉගෙනුම ලබන 06 හැවිරිදි දරුවෙකු මියගොස් තිබෙනවා.

ප්‍රමොද් තරුෂික නම් මෙම දරුවා එම ප්‍රදේශයේම පදිංචිකරුවෙක්.

පාසලෙන් ලබාදුන් බෙහෙත් පෙති කිහිපයක් පානය කර නිවසට පැමිණි තරුෂික හදිසියේ රෝගාතුර වීම හේතුවෙන් මාතර මහා රෝහලට පසුගිය 23 වනදා ඇතුලත් කර තිබෙනවා.

ඔහුගේ තත්ත්වය බරපතල නිසා පසුව තරුෂික කරාපිටිය ශික්ෂණ රෝහල වෙත මාරු කර යැවිමට මාතර රෝහලේ් බලධාරින් කටයුතු කර තිබුනා.

අසාධ්‍ය තත්ත්වයේ සිටි ඔහු අද (30) දහවල් කරාපිටිය ශික්ෂණ රෝහලේදි ජීවිතයෙන් සමුගත්තා.

මේ අතර, හිරු ප්‍රවෘත්ති අංශය කළ විමසීමකදී කරාපිටිය රෝහලේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙකු සදහන් කළේ පාසලේදී ලබාදුන් යකඩ පෙත්තක් ආසාත්මක වීම හේතුවෙන් දරුවා මියගොස් ඇති බවයි.

මේ පිළිබද වැඩිදුර තොරතුරු පශ්චාත් මරණ පරීක්ෂණයෙන් අනාවරණ වනු ඇති බව ද ඔහු සදහන් කළා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories