රත්‍රන් පෙන්වා කළ ජාවාරමක් කොටුවෙයි

Friday, 31 March 2017 - 9:27

%E0%B6%BB%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%99%E0%B6%B1%E0%B7%8A%E0%B7%80%E0%B7%8F+%E0%B6%9A%E0%B7%85+%E0%B6%A2%E0%B7%8F%E0%B7%80%E0%B7%8F%E0%B6%BB%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A+%E0%B6%9A%E0%B7%9C%E0%B6%A7%E0%B7%94%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92
නිධානයකින් ලබාගත් බවට පවසා ව්‍යාජ රන් ගුලි අලෙවි කිරීමට තැත් කළ සැකකරුවන් දෙදෙනෙකු පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

වැලිගම පොලිසියට ලැබුනු තොරතුරකට අනුව ඊයේ වැලිගම මිදිගම ප්‍රදේශයේදී මෙම පුද්ගලයන් දෙදෙනා අත්අඩංගුවට ගනු ලැබුවේ සිදුකල වැටලීමකදීයි.

එහිදී ව්‍යාජ රන් ගුලි 907 ක් සහ යතුරුපැදියක් ද පොලිස් භාරයට ගෙන තිබෙනවා.

වයස අවුරුදු 39 සහ 22 වයස්වල පසුවන මෙම සැකකරුවන් කැකිරාව සහ අහංගම ප්‍රදේශවල පදිංචිකරුවන්.

ඔවුන් අද මාතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories