මහින්දානන්දට සහ සජින් වාස්ට රට යන්න අවසර

Friday, 31 March 2017 - 11:05

%E0%B6%B8%E0%B7%84%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%8F%E0%B6%B1%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B6%A7+%E0%B7%83%E0%B7%84+%E0%B7%83%E0%B6%A2%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B7%80%E0%B7%8F%E0%B7%83%E0%B7%8A%E0%B6%A7+%E0%B6%BB%E0%B6%A7+%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1+%E0%B6%85%E0%B7%80%E0%B7%83%E0%B6%BB
මුදල් අව භාවිත කිරීමේ චෝදනාවක් යටතේ විභාගවන නඩුවකට අදාළව අධිකරණ භාරයට ගෙන තිබු පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතාගේ විදෙස් ගමන් බලපත්‍රය තාවකාලිකව නිදහස් කිරීමට අධිකරණය නියෝග කර තිබෙනවා.

කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලාල් රණසිංහ බණ්ඩාර මහතායි අද මෙම නියෝගය ලබාදුන්නේ.

ඒ අනුව මහින්දානන්ද අලුත්ගමගේ මහතාට ලබන ජුනි මස 30 වනදා දක්වා විදෙස්ගත වීමට අවසර හිමිවනවා.

කෙසේවෙතත් කොළඹ මහාධිකරණයෙන් නොතීසි ලැබුනහොත් ඊට අදාළව අධිකරණය හමුවේ පෙනී සිටින ලෙසටයි මන්ත්‍රීවරයාට නියෝග කර ඇත්තේ.

එමෙන්ම තාවකාලිකව මුදා හැරුනු විදෙස් ගමන් බලපත්‍රය ජුලි මස 3 වනදාට පෙර යළි අධිකරණයට ලබාදිය යුතු බව ද මහේස්ත්‍රාත්වරයා සඳහන් කර තිබෙනවා.

ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවට අයත් රුපියල් පන්කෝටි තිස් පන් ලක්ෂයක මුදලකින් ක්‍රීඩා උපකරණ ගෙන්වා ඒවා පාසල් අතර බෙදා නොදී දේශපාලන කටයුතු සඳහා යොදාගත් බවටයි මන්ත්‍රීවරයාට චෝදනා පවතින්නේ.

අල්ලස් කොමිසම විසින් මෙම නඩුව ගොනුකර ඇති අතර එය ජුලි 13 වනදා යළි විභාගයට ගැනීමට නියමිතයි.

මේ අතර හිටපු මන්ත්‍රීවරයකු වු සජින් වාස් ගුණවර්ධනට ද ලබන අගෝස්තු මස 7 වනදා දක්වා විදේශගත වීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය අද අවසර ලබාදුන්නා.

පුද්ගලයන්ට තර්ජනය කර බිය ගන්වා රුපියල් ලක්ෂ 60 කට අධික මුදලක් ලබාගැනීම සම්බන්ධයෙන් ඔහුට එරෙහි නඩුව ගොනුකර ඇත්තේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවයි.

මෙම නඩුව ලබන අගෝස්තු 7 වනදා යළි විභාගයට ගැනීමට නියමිතව තිබෙනවා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories