විමල් සාමාන්‍ය තත්වයට

Friday, 31 March 2017 - 13:06

%E0%B7%80%E0%B7%92%E0%B6%B8%E0%B6%BD%E0%B7%8A+%E0%B7%83%E0%B7%8F%E0%B6%B8%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B6%AD%E0%B6%AD%E0%B7%8A%E0%B7%80%E0%B6%BA%E0%B6%A7
ආහාර වර්ජනය කරමින් දින 09 ක් උපවාස කළ ජාතික නිදහස් පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශගේ තත්ත්වය මේ වනවිට සාමාන්‍ය අතට හැරී ඇති බව කොළඹ ජාතික රෝහල පවසනවා.

එහි නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය සිරිල් ද සිල්වා කියා සිටියේ ඔහු මේ වනවිට සාමාන්‍ය තත්ත්වයට පත්වෙමින් සිටින බවයි.

විමල් වීරවංශ මන්ත්‍රීවරයා තවදුරටත් ඝන ආහාර නොගන්නා බවයි ඔහුගේ සුවදුක් විමසීම සඳහා අද (31) කොළඹ ජාතික රෝහලට පැමිණි ජාතික නිදහස් පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී පද්ම උදයශාන්ත හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories