ලක්ෂ 20ක් වටිනා නරක් වූ කට්ටා කරවල තොගයක් අල්ලයි

Friday, 31 March 2017 - 13:29

%E0%B6%BD%E0%B6%9A%E0%B7%8A%E0%B7%82+20%E0%B6%9A%E0%B7%8A+%E0%B7%80%E0%B6%A7%E0%B7%92%E0%B6%B1%E0%B7%8F+%E0%B6%B1%E0%B6%BB%E0%B6%9A%E0%B7%8A+%E0%B7%80%E0%B7%96+%E0%B6%9A%E0%B6%A7%E0%B7%8A%E0%B6%A7%E0%B7%8F+%E0%B6%9A%E0%B6%BB%E0%B7%80%E0%B6%BD+%E0%B6%AD%E0%B7%9C%E0%B6%9C%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B6%85%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B6%BA%E0%B7%92
අලුත් අවුරුදු උත්සව කාලයේ වෙළෙඳ පොළට යැවීමට සූදානම් කර තිබූ රුපියල් ලක්ෂ 20ට වැඩි වටිනාකමකින් යුතු නරක්වූ කට්ටා කරවල තොගයක් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙම කරවල තොගය අත්අඩංගුවට ගෙන ඇත්තේ පිටකොටුවේ වෙරළබඩ වීදියේ ශීතාගාරයක ගබඩාකර තිබිය දී යි.

පාරිභෝගික අධිකාරියේ නිලධාරීන් පවසන්නේ පිටරටකින් ගෙන්වා ඇති මේ කරවල තොගයේ කිලෝ 2000ක් තිබූ බවයි.

පුස් බැඳී නරක්වී තිබූ කරවල තොගය විශාල ශීතාගාරයක කබඩා කර සිල්ලර වෙළෙඳ සැල්වෙත යැවීමට කටයුතු යෙදා තිබිය දී මෙලෙස අත්අඩංගුවට ගෙන තිබුණා.

කරවල තොගය අත්අඩංගුටව ගෙන මුද්‍රා තැබූ බවත් මේ සම්බන්ධයෙන් අප්‍රේල් 04 වැනි අඟහරුවාදා මාලිගාකන්ද මහේස්ත්‍රාත්වරයාට කරුණු ඉදිරිපත් කරන බවත් පාරිභෝගික අධිකාරිය පවසනවා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories