එජාපයේ සිදුවන තනතුරු වෙනස ගැන ඉඟියක්

Saturday, 01 April 2017 - 21:54

%E0%B6%91%E0%B6%A2%E0%B7%8F%E0%B6%B4%E0%B6%BA%E0%B7%9A+%E0%B7%83%E0%B7%92%E0%B6%AF%E0%B7%94%E0%B7%80%E0%B6%B1+%E0%B6%AD%E0%B6%B1%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%94+%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%83+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B6%89%E0%B6%9F%E0%B7%92%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
ලබන 5 වැනිදා පැවැත්වෙන එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේදී සිදුකිරීමට නියමිත පක්ෂ තනතුරු සම්බන්ධයෙන් අද අමාත්‍යවරුන් දෙදෙනෙකු අදහස් පළකළා.

අමාත්‍ය ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා සඳහන් කළේ පක්ෂයේ මහලේකම් ධුරයට අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පත්වීමේ ඉඩකඩක් ඇති බවයි.

එසේ සිදුවන්නේ නම් එක්සත් ජාතික පක්ෂ වර්තමාන මහ ලේකම්, අමාත්‍ය කබීර් හෂීම්ට  ඊට වඩා උසස් තනතුරක් පක්ෂය විසින් ලබාදිය යුතු බවද ඔහු එහිදී සඳහන් කළා.

මේ අතර එක්සත් ජාතික පක්ෂයේ තනතුරුවල සංශෝධන පිළිබද තීරණය ලබන 5 වනදා පැවැත්වෙන පක්ෂ කෘත්‍යාධිකාරි මණ්ඩලයේදී තීරණය කරන බව මහාමාර්ග හා උසස් අධ්‍යාපන අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල පවසනවා.

මහනුවර පැවති ආගමික උත්සවයකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින්  එක්සත් ජාතික පක්ෂයේ නව වෙනස පිළිබඳව අමාත්‍යවරයා  අදහස් පළ කරමින් කියා සිටියේ තනතුරු පළාත් සහ ජ්‍යෙෂ්ඨත්වය අනුව බෙදී යා යුතු බවයි.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories