කොළොම්බියාවේ නායයාමකින් 206 ක් මරුට - විශාල පිරිසක් අතුරුදන්

Sunday, 02 April 2017 - 6:42

%E0%B6%9A%E0%B7%9C%E0%B7%85%E0%B7%9C%E0%B6%B8%E0%B7%8A%E0%B6%B6%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80%E0%B7%9A+%E0%B6%B1%E0%B7%8F%E0%B6%BA%E0%B6%BA%E0%B7%8F%E0%B6%B8%E0%B6%9A%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+206+%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B8%E0%B6%BB%E0%B7%94%E0%B6%A7+-+%E0%B7%80%E0%B7%92%E0%B7%81%E0%B7%8F%E0%B6%BD+%E0%B6%B4%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B7%83%E0%B6%9A%E0%B7%8A+%E0%B6%85%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%94%E0%B6%AF%E0%B6%B1%E0%B7%8A
බටහිර කොළොම්බියාවේ සිදුවු නායයාමකින් පුද්ගලයන් 206 දෙනෙකු මියගොස් තිබෙනවා.

තවත් විශාල පිරිසක් තුවාල ලබා ඇති බවයි විදෙස් පුවත් සේවාවල දැක්වෙන්නේ.

පැය ගණනාවක් පුරා පැවති දැඩි වර්ෂාව හමුවේ ගං ඉවුරු බිඳවැටී දැඩි ජල ගැලීමක් ද සිදුව ඇතැයි සඳහන්.

නාය යාමෙන් නිවාස රැසක් ද සම්පුර්ණයෙන් විනාශවී තිබෙනවා.

ජාත්‍යන්තර රතු කුරුස සංවිධානය ප්‍රකාශකර ඇත්තේ පුද්ගලයන් 220 කට වැඩි පිරිසක් තවමත් අතුරුදන් බවයි.

කොළොම්බියානු ජනාධිපති හුවාන් මනුවෙල් සැන්ටොස් මෙම ප්‍රදේශයේ චාරිකා කරමින් ජීවිතාරක්ෂක මෙහෙයුම් සඳහා ආරක්ෂක හමුදා යෙදවීමට නියෝග කළා.

එමෙන්ම කලාපයේ හදිසි තත්ත්වයක්ද ප්‍රකාශයට පත් කර තිබෙනවා.

ජීවිතාරක්ෂක මෙහෙයුම්වලට හමුදා සෙබලූන් 1100 ක් පමණ යොදවා ඇති අතර තුවාලකරුවන් විශාල සංඛ්‍යාවකට ප්‍රතිකාර කිරීම ප්‍රදේශයේ රෝහල්වලට ගැටළුවක් වී ඇති බවයි වාර්තාවන්නේ.

පාලම් සහ මාර්ග නායයෑමත් සමග සේදී යාම නිසා එම ස්ථානයට ළඟාවීම දුෂ්කර වී ඇති බව සඳහන්.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories