රාමනාදන් කන්නන් ඉවත් කිරීම සම්බන්ධයෙන් යෝජනා පහක් ඒකමතිකව සම්මත වේ

Sunday, 02 April 2017 - 7:51

%E0%B6%BB%E0%B7%8F%E0%B6%B8%E0%B6%B1%E0%B7%8F%E0%B6%AF%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9A%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B6%B1%E0%B7%8A+%E0%B6%89%E0%B7%80%E0%B6%AD%E0%B7%8A+%E0%B6%9A%E0%B7%92%E0%B6%BB%E0%B7%93%E0%B6%B8+%E0%B7%83%E0%B6%B8%E0%B7%8A%E0%B6%B6%E0%B6%B1%E0%B7%8A%E0%B6%B0%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%BA%E0%B7%9D%E0%B6%A2%E0%B6%B1%E0%B7%8F+%E0%B6%B4%E0%B7%84%E0%B6%9A%E0%B7%8A+%E0%B6%92%E0%B6%9A%E0%B6%B8%E0%B6%AD%E0%B7%92%E0%B6%9A%E0%B7%80+%E0%B7%83%E0%B6%B8%E0%B7%8A%E0%B6%B8%E0%B6%AD+%E0%B7%80%E0%B7%9A
මඩකලපුව නීතිඥ සංගමයේ සාමාජිකයෙකු වන රාමනාදන් කන්නන් මහාධිකරණ විනිසුරු ධුරයෙන් ඉවත් කිරීම සම්බන්ධයෙන් වන යෝජනා 5 ක් අධිකරණ සේවා සංගමයේ විශේෂ මහා සභා රැස්වීමේදී ඊයේ ඒකමතිකව සම්මත වී තිබෙනවා.

ඔහු මහාධිකරණ විනිසුරුවරයෙකු ලෙස පත් කිරීම සම්බන්ධයෙන් වැඩිදුර කරුණු සාකච්ඡා කිරීම සඳහායි අධිකරණ සේවා සංගමයේ විශේෂ මහා සභා රැස්වීමක් ඊයේ පස්වරුවේ කොළඹ දිසා අධිකරණයේදී පැවැත්වුණේ.

එහිදී ඔහු ඉවත් කළ යුතු බව ජනාධිපතිවරයාට දැනුම්දීම සදහා ද සංගමයේ සාමාජිකයින් ඒකමතික තීරණයකට පැමිණ තිබෙනවා.

අදාළ පත් කිරීම තවදුරටත් නීතිය හමුවේ වලංගු සහ බලසහිත නිර්දේශයක් නොවන බවට අධිකරණ සේවා කොමිසම් සභාව පසුගිය දා තීරණය කරනු ලැබුවා. එමෙන්ම ඒ පිළිබදව ඔවුන් ජනාධිපතිවරයා ද දැනුවත් කළ බවයි වාර්තා වුණේ.

මෙම පත් කිරීමේදී අනුගමනය කළ වැරදි ක්‍රමවේදය, නීතිඥ සංගමයේ නිල නාමය පුද්ගලයන් කිහිප දෙනෙකුගේ අවශ්‍යතාවයන් සඳහා ව්‍යාජ ලෙස යොදා ගැනීම ඇතුළු කරුණු කිහිපයක් මත අදාල පත්වීම නිවැරදි නොවන බවට අධිකරණ සේවා සංගමය පසුගියදා අධිකරණ සේවා කොමිසමට ද පෙන්වා දී තිබුණා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories