විමල්ට උණ - බන්ධනාගාර ඉල්ලීමත් ඉවතට

Sunday, 02 April 2017 - 18:47

%E0%B7%80%E0%B7%92%E0%B6%B8%E0%B6%BD%E0%B7%8A%E0%B6%A7+%E0%B6%8B%E0%B6%AB+-+%E0%B6%B6%E0%B6%B1%E0%B7%8A%E0%B6%B0%E0%B6%B1%E0%B7%8F%E0%B6%9C%E0%B7%8F%E0%B6%BB+%E0%B6%89%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%93%E0%B6%B8%E0%B6%AD%E0%B7%8A+%E0%B6%89%E0%B7%80%E0%B6%AD%E0%B6%A7
රෝහල්ගත කර සිටින ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ කිසියම් උණ රෝගී තත්වයකින් පෙළෙන බව කොළඹ ජාතික රෝහල පවසනවා.

එහි  නියෝජ්‍ය අධ්‍යක්ෂිකා විශේෂඥ වෛද්‍ය සමින්දි සමරකෝන් හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ ඊයේ පස්වරුවේ සිට මන්ත්‍රීවරයා උණ රෝගයෙන් පෙළෙන අතර, ඒ සඳහා ප්‍රතිකාර මේ වන විටත් සිදුකෙරෙමින් පවතින බවයි.

මන්ත්‍රීවරයා ඝන ආහාර ද්‍රව්‍ය ගැනීම ආරම්භ කිරීමත් සමඟ ඔහුව යළි බන්ධනාගාරයට යොමු කරන ලෙසට එම දෙපාර්තමේන්තුව කොළඹ ජාතික රෝහලෙන් ඉල්ලීමක් කර තිබුණා.

කෙසේ වෙතත්, එම ඉල්ලීම ජාතික රෝහල ප්‍රතික්ෂේප කරනු ලැබුවේ මන්ත්‍රීවරයා උණ රෝගී තත්ත්වයෙන් පෙළෙන බැවින්.

ආහාර වර්ජනයක නිරත වෙමින් උපවාසයක් ආරම්භ කළ විමල් වීරවංශ මන්ත්‍රීවරයා පසුගිය බ්‍රහස්පතින්දා එය අවසන් කරනු ලැබුවා.

ඉන් අනතුරුව කොළඹ ජාතික රෝහලේ 45 වන වාට්ටුවේ ප්‍රතිකාර ලබමින් සිටි මන්ත්‍රීවරයාගේ සෞඛ්‍ය තත්ත්වය යහපත්වීම හේතුවෙන් 43 වන වාට්ටුව වෙත මාරු කළා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories