සයිටම් ගැන තීරණාත්මක සාකච්ඡාවක්

Monday, 03 April 2017 - 7:07

%E0%B7%83%E0%B6%BA%E0%B7%92%E0%B6%A7%E0%B6%B8%E0%B7%8A+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B6%AD%E0%B7%93%E0%B6%BB%E0%B6%AB%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A%E0%B6%B8%E0%B6%9A+%E0%B7%83%E0%B7%8F%E0%B6%9A%E0%B6%A0%E0%B7%8A%E0%B6%A1%E0%B7%8F%E0%B7%80%E0%B6%9A%E0%B7%8A
සයිටම් ආයතනයට විරෝධය පළ කරමින් ආරම්භ කිරීමට සැලසුම් කර ඇති වැඩ වර්ජනය පිළිබදව අවසන් තීරණයකට අද එළඹෙන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා.

එහි සංස්කාරක වෛද්‍ය නලින්ද හේරත් කියා සිටියේ පෙරවරුවේ පැවැත්වෙන සංගමයේ විධායක සභා රැස්වීමේදී ඒ සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගැනීමට නියමිත බවයි.

සයිටම් අර්බුදය සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කිරීමේ අත්පත්‍රිකා බෙදීමේ වැඩපිළිවෙල අද සිට දිවයින පුරා ක්‍රියාත්මක කරන බවද ඔහු සදහන් කළා.

එමෙන්ම රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට සහයෝගය පළ කරමින් රාජ්‍ය හා පෞද්ගලික ආයතනවල කළු පටි පැළඳ විරෝධතාව සිදුකරන බවත් ඒ සඳහා වෘත්තීය සමිති 150කට අධික සංඛ්‍යාවක් එක්ව සිටින බවත් එහි සංස්කාරක වෛද්‍ය නලින්ද හේරත් තවදුරටත් සදහන් කළා.

මේ අතර, ඉල්ලීම් 08ක් මුල් කරගනිමින් හෙද - පරිපූරක අතුරු වෛද්‍ය සේවා ඒකාබද්ධ බල මණ්ඩලය මේ මස 6 වන දා පැය 24ක සංකේත වර්ජනයක් දීප ව්‍යාප්තව ක්‍රියාත්මක කිරීමට නියමිතයි.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories