දියණිය බැලීමට තිස්සට රට යන්න අවසර

Monday, 03 April 2017 - 11:38

%E0%B6%AF%E0%B7%92%E0%B6%BA%E0%B6%AB%E0%B7%92%E0%B6%BA+%E0%B6%B6%E0%B7%90%E0%B6%BD%E0%B7%93%E0%B6%B8%E0%B6%A7+%E0%B6%AD%E0%B7%92%E0%B7%83%E0%B7%8A%E0%B7%83%E0%B6%A7+%E0%B6%BB%E0%B6%A7+%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1+%E0%B6%85%E0%B7%80%E0%B7%83%E0%B6%BB
එජාපයේ හිටපු මහ ලේකම් හිටපු අමාත්‍ය තිස්ස අත්තනායකට විදේශ ගත වීම සඳහා අධිකරණය අද(03) අවසර ලබා දුන්නා.

සිය දියණිය බැලීමට මේ මස 10 සිට 28 දක්වා ඔස්ට්‍රේලියාවට යාමට අවසර දෙන ලෙසයි ඔහු ඉල්ලා තිබුණේ.

ඒ අනුව කොළඹ මහාධිකරණ විනිසුරු විකුම් කළුආරච්චි නියෝගකළේ අධිකරණය භාරයේ තිබෙන තිස්ස අත්තනායක මහතාගේ විදෙස් ගමන් බලපත්‍රය ද ඔහු වෙත ලබා දෙන ලෙසයි.

පසුගිය ජනපතිවරණ සමයේදී පොදු අපෙක්ෂකයාව සිටි මෛත්‍රීපාල සිරිසේන මහතාගේ හා එවකට විපක්ෂ නායක මෙන්ම එක්සත් ජාතික පක්ෂයේ නායකයාද වූ රනිල් වික්‍රමසිංහ මහතාගේ අත්සන් ව්‍යාජව යොදමින් කූඨ ලේඛණ සැකසීයැයි තිස්ස අත්තනායකට එරෙහිව නඩු පවරා තිබුණා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories