අකුණුසැර වැදී ගලෙන්බිදුණුවැව පුද්ගලයෙකු මරුට - ගැබිණි කාන්තාවකට බරපතලයි

Tuesday, 04 April 2017 - 12:47

%E0%B6%85%E0%B6%9A%E0%B7%94%E0%B6%AB%E0%B7%94%E0%B7%83%E0%B7%90%E0%B6%BB+%E0%B7%80%E0%B7%90%E0%B6%AF%E0%B7%93+%E0%B6%9C%E0%B6%BD%E0%B7%99%E0%B6%B1%E0%B7%8A%E0%B6%B6%E0%B7%92%E0%B6%AF%E0%B7%94%E0%B6%AB%E0%B7%94%E0%B7%80%E0%B7%90%E0%B7%80+%E0%B6%B4%E0%B7%94%E0%B6%AF%E0%B7%8A%E0%B6%9C%E0%B6%BD%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%B8%E0%B6%BB%E0%B7%94%E0%B6%A7+-+%E0%B6%9C%E0%B7%90%E0%B6%B6%E0%B7%92%E0%B6%AB%E0%B7%92+%E0%B6%9A%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%8F%E0%B7%80%E0%B6%9A%E0%B6%A7+%E0%B6%B6%E0%B6%BB%E0%B6%B4%E0%B6%AD%E0%B6%BD%E0%B6%BA%E0%B7%92
ගලෙන්බිදුණුවැව - යාය 5 ප්‍රදේශයේ සිදුවූ අකුණුසැර වැදීමකින් පුද්ගලයෙකු මිය ගොස් ගැබිණි කාන්තාවක් බරපතල තුවාල ලබා රෝහල් ගත කර තිබෙනවා.

ඊයේ පස්වරුවේ වර්ෂාව පවතින අවස්ථාවේදී මෙලෙස අකුණුසැර වැදීමෙන් මිය ගොස් ඇත්තේ 34 හැවිරිදි පුද්ගලයෙක්.

අසාධ්‍ය තත්ත්වයේ පසුවන 32 හැවිරිදි ගැබිණි කාන්තාව ගලෙන්බිදුණුවැව රෝහලට ඇතුළත් කිරිමෙන් පසු අනුරාධපුර ශික්ෂණ රෝහල වෙත මාරු කර යැවුණා.

සිය ගෙවත්තේදී එළදෙනකගෙන් කිරි දොවමින් සිටියදී ඇයට සහ ඇය අසළ සිටි යාබද නිවසේ පදිංචි පුද්ගලයාට මෙලෙස අකුණුසැර වැදී ඇති බව ගලෙන්බිදුණුවැව පොලීසිය ප්‍රකාශ කළා.

කෙසේ වෙතත්, අකුණු පහරින් එළදෙනට හෝ ඇගේ පැටවාට අනතුරක් සිදුව නැහැ.

මේ අතර, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේ වසරේ ගත වූ කාලය තුළ අකුණු සැර වැදීමෙන් පුද්ගලයින් 6 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බවයි.

මෙම කාලසීමාවේදී අකුණු අනතුරු බහුලව සිදුවිය හැකි බැවින් ඒ පිළිබදව ද සැලකිලිමත් වන ලෙසයි එහි අනාවැකිකරණ අංශයේ අධ්‍යක්ෂ අතුල කරුණානායක ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories