මෙරට ධීවරයින් 07ක් සහ බහු දින යාත්‍රාවක් ඉන්දීය වෙරළ ආරක්ෂකයින්ගේ අත්අඩංගුවට (ඡායාරූප)

Wednesday, 05 April 2017 - 14:10

%E0%B6%B8%E0%B7%99%E0%B6%BB%E0%B6%A7+%E0%B6%B0%E0%B7%93%E0%B7%80%E0%B6%BB%E0%B6%BA%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+07%E0%B6%9A%E0%B7%8A+%E0%B7%83%E0%B7%84+%E0%B6%B6%E0%B7%84%E0%B7%94+%E0%B6%AF%E0%B7%92%E0%B6%B1+%E0%B6%BA%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%8F%E0%B7%80%E0%B6%9A%E0%B7%8A+%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%93%E0%B6%BA+%E0%B7%80%E0%B7%99%E0%B6%BB%E0%B7%85+%E0%B6%86%E0%B6%BB%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%9A%E0%B6%BA%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%9C%E0%B7%9A+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%85%E0%B6%A9%E0%B6%82%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%A7+%28%E0%B6%A1%E0%B7%8F%E0%B6%BA%E0%B7%8F%E0%B6%BB%E0%B7%96%E0%B6%B4%29
ජාත්‍යයන්තර මුහුදේ මසුන් මරා නැවතත් මෙරටට පැමිණෙමින් සිටි ධීවරයින් 07 දෙනෙකු සහ බහු දින යාත්‍රාවක් ඊයේ ඉන්දීය වෙරළ ආරක්ෂකයින්ගේ අත්අඩංගුවට පත්ව ඇති බව ධීවර අමාත්‍යාංශය පවසනවා.

මොවුන් අත්අඩංගුවට පත්වන අවස්ථාවේදී එහි සිටි ධීවරයින් විසින් ජාත්‍යන්තර මුහුදේදී අල්ලා ගන්නා ලද මාළු කිලෝග්‍රෑම් 5000 කට වැඩි ප්‍රමාණයක් ඔවුන් සතුව පවතී බවයි වාර්තා වන්නේ.

මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ හලාවත - ඉරණවිල ප්‍රදේශයේ පදංචි ධිවරයින් පිරිසක් බව සදහන්.

ඉන්දීය වෙරළ ආරක්ෂකයින් විසින් ඔවුන්ව ඉන්දියාවේ තූත්තුකුඩිය වරාය වෙත රැගෙන යමින් සිටින බව ධිවරයින් මහවැව - තොඩුවාවේ පණිවිඩ හුවමාරු මධ්‍යස්ථානය වෙත දැනුම් දී ඇති බවයි වාර්තා වන්නේ.

අත්අඩංගුවට පත් ධීවරයින්ගේ ඡායාරූප පහතින්.



ඡායාරූප - හලාවත ජූඩ් සමන්ත


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories