සංවිධානාත්මක අපරාධ මැඩලීමට විශේෂ පොලිස් කොට්ඨාශයක්

Wednesday, 05 April 2017 - 16:28

%E0%B7%83%E0%B6%82%E0%B7%80%E0%B7%92%E0%B6%B0%E0%B7%8F%E0%B6%B1%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A%E0%B6%B8%E0%B6%9A+%E0%B6%85%E0%B6%B4%E0%B6%BB%E0%B7%8F%E0%B6%B0+%E0%B6%B8%E0%B7%90%E0%B6%A9%E0%B6%BD%E0%B7%93%E0%B6%B8%E0%B6%A7+%E0%B7%80%E0%B7%92%E0%B7%81%E0%B7%9A%E0%B7%82+%E0%B6%B4%E0%B7%9C%E0%B6%BD%E0%B7%92%E0%B7%83%E0%B7%8A+%E0%B6%9A%E0%B7%9C%E0%B6%A7%E0%B7%8A%E0%B6%A8%E0%B7%8F%E0%B7%81%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
ශ්‍රී ලංකාව තුල සිදුවන සංවිධානාත්මක අපරාධ ක්‍රියාකාරකම් මැඩ පැවැත්වීම සඳහා විශේෂ පොලිස් කොට්ඨාශයක් පිහිටුවා තිබෙනවා.

සංවිධානාත්මක අපරාධ නිවාරණ කොට්ඨාශය ලෙසට නම්කර ඇති එය කොළඹ 12 මිහිඳු මාවතේ අංක 9 දරණ ස්ථානයේයි පිහිටා ඇත්තේ.

එමගින් දිවයිනේ ඕනෑම ප්‍රදේශයක සිදුවන සංවිධානාත්මක අපරාධ / අපරාධ කල්ලි මුල්වන අපරාධ විමර්ශණය / එම අපරාධකරුවන් අත්අඩංගුවට ගැනීම / ගිණි අවිවලින් සිදුවන අපරාධ මැඩ පැවැත්වීම සිදු කෛරනු ඇති.

මෙම කොට්ඨාශය පිහිටුවා ඇත්තේ පොලිස් අධිකාරීවරයකුගේ නායකත්වයෙනුයි.

දිවයිනේ ඕනෑම ප්‍රදේශයක සිදුවන සංවිධානාත්මක අපරාධකරුවන්ගේ ක්‍රියාකාරකම් පිළිබඳ පැය 24 පුරා මෙම කොට්ඨාශය වෙතට ලබාදිය හැකියි.

ඒ සඳහා 011 2326229 හෝ 011 2451397 අංකවලට ඇමතිය හැකි බවයි පොලිසිය සඳහන් කලේ.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories