update : දවුල්දෙන ඥානීස්වර මහානාහිමියන්ගේ ආදාහන පූජෝත්සවයේ වැඩකටයුතු ඇරඹේ

Thursday, 06 April 2017 - 15:07

update+%3A+%E0%B6%AF%E0%B7%80%E0%B7%94%E0%B6%BD%E0%B7%8A%E0%B6%AF%E0%B7%99%E0%B6%B1+%E0%B6%A5%E0%B7%8F%E0%B6%B1%E0%B7%93%E0%B7%83%E0%B7%8A%E0%B7%80%E0%B6%BB+%E0%B6%B8%E0%B7%84%E0%B7%8F%E0%B6%B1%E0%B7%8F%E0%B7%84%E0%B7%92%E0%B6%B8%E0%B7%92%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A%E0%B6%9C%E0%B7%9A+%E0%B6%86%E0%B6%AF%E0%B7%8F%E0%B7%84%E0%B6%B1+%E0%B6%B4%E0%B7%96%E0%B6%A2%E0%B7%9D%E0%B6%AD%E0%B7%8A%E0%B7%83%E0%B7%80%E0%B6%BA%E0%B7%9A+%E0%B7%80%E0%B7%90%E0%B6%A9%E0%B6%9A%E0%B6%A7%E0%B6%BA%E0%B7%94%E0%B6%AD%E0%B7%94+%E0%B6%87%E0%B6%BB%E0%B6%B9%E0%B7%9A
අපවත්වී වදාළ අමරපුර නිකායේ මහානායක අග්ග මහා පණ්ඩිත අතිපූජ්‍ය දවුල්දෙණ ඤාණීස්සර නාහිමියන්ගේ ආදාහන පූජෝත්සවයේ වැඩකටයුතු මේ වනවිට ආරම්භ වී තිබෙනවා.

උන්වහන්සේගේ දේහය නුගේගොඩ ශ්‍රී විද්‍යා විජයාරාමයේ සිට කොළඹ නිදහස් චතුරස‍්‍රය දක්වා වැඩම කරවීමෙන් පසු, පස්වරු 3.30ට  පමණ ආදාහන පූජෝත්සවය ආරම්භ වූයේ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන්.

update :- Thursday, 06 April 2017 - 15.42
-----------------------------------------------------------------------
අපවත්වී වදාළ අමරපුර නිකායේ මහානායක අග්ග මහා පණ්ඩිත අතිපූජ්‍ය දවුල්දෙණ ඤාණීස්සර නාහිමියන්ගේ ශ්‍රී දේහය මේ වනවිට නුගේගොඩ ශ්‍රී විද්‍යා විජයාරාමයේ සිට කොළඹ නිදහස් චතුරස‍්‍රය දක්වා වැඩම කරවීම මේ වනවිට සිදුවනවා.

පිටකෝට්ටේ මන්සන්ධිය, ඇතුල්කෝට්ටේ, පාර්ලිමේන්තු මාර්ගය, ආයුර්වේද මන්සන්ධිය, කාසල් වීථිය, ඩී.එස්. මන්සන්ධිය, හෝර්ටන් පෙදෙස ඔස්සේ නෙළුම් පොකුණ වටරවුම වෙත රැගෙන එන දේහය එහිදී ත්‍රිවිධ හමුදාව විසින් භාරගැනීමට නියමිතයි.

එතැන් සිට නිදහස් වටරවුම, නිදහස් මාවත ඔස්සේ දේහය නිදහස් චතුරශ්‍ර පරිශ්‍රය වෙත රැගෙන එනවා.

පස්වරු 3.30ට ආදාහන පූජෝත්සවය ආරම්භ වන්නේ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන්.

අපවත් වී වදාළ අමරපුර නිකායේ මහනායක අග්ගමහා පණ්ඩිත අතිපූජ්‍ය දවුල්දෙණ ඥාණිස්සර නාහිමියන්ගේ ආදාහන පූජෝත්සවයේ සජීවී විකාශය...



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories