කුරුණෑගලට නිදහස් පක්ෂ ස්ථිර ආසන සංවිධායකවරුන් 11 ක්

Friday, 07 April 2017 - 10:09

%E0%B6%9A%E0%B7%94%E0%B6%BB%E0%B7%94%E0%B6%AB%E0%B7%91%E0%B6%9C%E0%B6%BD%E0%B6%A7+%E0%B6%B1%E0%B7%92%E0%B6%AF%E0%B7%84%E0%B7%83%E0%B7%8A+%E0%B6%B4%E0%B6%9A%E0%B7%8A%E0%B7%82+%E0%B7%83%E0%B7%8A%E0%B6%AE%E0%B7%92%E0%B6%BB+%E0%B6%86%E0%B7%83%E0%B6%B1+%E0%B7%83%E0%B6%82%E0%B7%80%E0%B7%92%E0%B6%B0%E0%B7%8F%E0%B6%BA%E0%B6%9A%E0%B7%80%E0%B6%BB%E0%B7%94%E0%B6%B1%E0%B7%8A+11+%E0%B6%9A%E0%B7%8A
කුරුණෑගල දිස්ත්‍රික්කයේ මැතිවරණ කොට්ඨාශ 14 න් 11 ක්  සදහා නිදහස් පක්ෂය නව ස්ථිර ආසන සංවිධායකවරුන් පත් කර තිබෙනවා.

එම පත්වීම් අද (07) උදෑසන ජනාධිපති නිල නිවසේදී පිරිනැමුණු බවයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ තරුණ පෙරමුණේ සභාපති ශාන්ත බණ්ඩාර කියා සිටියේ.

පක්ෂයේ සභාපතිවරයා ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන යටතේ සිදුකර ඇති පළමු ස්ථිර ආසන සංවිධායකවරුන් පත් කිරීම මෙය වනවා.

ඒ අනුව කටුගම්පොල ආසනයේ නව ආසන සංවිධායකවරයා ලෙස අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා පත්කර ඇති අතර, දඹදෙනිය ආසනයේ නව සංවිධායකවරයා වන්නේ තරුණ පෙරමුණේ සභාපති ශාන්ත බණ්ඩාරයි.

කුරුණෑගල ආසනයේ සංවිධායකවරයා ලෙස කටයුතු කළ හිටපු අමාත්‍ය ජයරත්න හේරත් පොල්ගහවෙල ආසනයේ නව සංවිධායකවරයා ලෙස පත්කර තිබෙනවා.

කුරුණෑගල ආසනයේ නව සංවිධායකවරයා වන්නේ වයඹ පළාත් සෞඛ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් වෙඬරුවයි.

යාපහුව ආසනයේ සංවිධායක ලෙස රාජ්‍ය අමාත්‍ය ටී.බී.ඒකනායක පත්කර ඇති අතර, හිරියාල ආසනයට පත්කර ඇත්තේ පළාත් සභා මන්ත්‍රී කමල් ඉන්දිකයි.

කුලියාපිටිය ආසනයේ නව සංවිධායකවරයා ලෙස වයඹ හිටපු මහඇමති, පළාත් සභා මන්ත්‍රී අතුල විජේසිංහ පත්වීම් ලැබූ අතර, නියෝජ්‍ය අමාත්‍ය තාරානාත් බස්නායක ගල්ගමුව ආසනයේ නව සංවිධායකවරයායි.

දොඩම්ගස්ලන්ද ආසනයට හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් විජේසිංහ පත්කර තිබෙනවා.

මාවතගම ආසනයට පළාත් සභා මන්ත්‍රී උපුල් පෙරේරා පත්කර ඇති අතර, වාරියපොල ආසනයේ නව සංවිධායකවරයා වන්නේ වාරියපොල ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපතිවරයෙකු වන ආනන්ද ජයලත්.

මෙම නව ස්ථිර ආසන සංවිධායකවරුන් පත් කිරීම යටතේ පොල්ගහවෙල ආසන සංවිධායක ධුරය දැරූ පළාත් සභා මන්ත්‍රී ටිකිරි අධිකාරීට සහ දොඩම්ගස්ලන්ද ආසනයේ සංවිධායකවරයා ලෙස කටයුතු කළ ඩබ්ලිව්.විමලදාසට සංවිධායක ධුර අහිමි වී තිබෙනවා.

එමෙන්ම, කුරුණෑගල දිස්ත්‍රික්කයේ අනෙකුත් ආසන වන බිංගිරිය, නිකවැරටිය සහ පඬුවස්නුවර යන ආසන සඳහා ඉදිරියේදී නව ස්ථිර ආසන සංවිධායකවරුන් පත්කිරීමට නියමිත බවයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ තරුණ පෙරමුණේ සභාපති ශාන්ත බණ්ඩාර කියා සිටියේ.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories