පෘථිවියට සමාන ග්‍ර‍්‍ර‍්‍රහ ලෝකයක් වටා වායුගෝලයක්

Friday, 07 April 2017 - 10:12

%E0%B6%B4%E0%B7%98%E0%B6%AE%E0%B7%92%E0%B7%80%E0%B7%92%E0%B6%BA%E0%B6%A7+%E0%B7%83%E0%B6%B8%E0%B7%8F%E0%B6%B1+%E0%B6%9C%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E2%80%8D%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E2%80%8D%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%84+%E0%B6%BD%E0%B7%9D%E0%B6%9A%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B7%80%E0%B6%A7%E0%B7%8F+%E0%B7%80%E0%B7%8F%E0%B6%BA%E0%B7%94%E0%B6%9C%E0%B7%9D%E0%B6%BD%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
විද්‍යාඥයින් විසින් පෘථිවියට සමාන ග්‍රහ ලෝකයක් වටා ප්‍රථම වරට වායු ගෝලයක් නිරීක්ෂණය කර තිබෙනවා.

පෘථිවිය මෙන් 1 යි දශම 4 ක ගුණයක් විශාල මෙම සුපිරි පෘථිවි ග්‍රහ ලෝකය, අපේ පෘථිවියේ සිට ආලෝක වර්ෂ 39 ක් ඈතින් පිහිටා ඇති බව සඳහන්.

ජී.ජේ. 1132 බී ලෙස නම් කෙරුණු මෙම ග්‍රහලෝකයේ වායු ගෝලය ජලය සහ මීතෙන් මිශ්‍රණයක් ලෙස සැකසී ඇති බවයි විශ්වාස කෙරෙන්නේ.

සූර්යග්‍රහ මණ්ඩලයෙන් පිටත ග්‍රහලෝකයක වායු ගෝලයක් නිරීක්ෂණය කර ඇත්තේ ප්‍රථම වතාවට වන අතර, එය පෘථිවියෙන් පිටත ජීවය සොයා සිදුකරන ගවේෂණයේ වැදගත් ඉදිරි පියවරක් ලෙසයි සැලකෙන්නේ.

කෙසේ නමුත්, සෙන්ටිගේ‍්‍රඞ් අංශක 370 ක පමණ ඉහළ උෂ්ණත්වයකින් යුත් මෙම ග්‍රහලෝකයේ ජීවය පැවතීමේ ඉඩකඩ මඳ බවයි විද්‍යාඥයන් පෙන්වා දෙන්නේ.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories