3 දෙනෙකුට මරු කැදවූ අම්පාරේ කෑම කොළඹට

Friday, 07 April 2017 - 12:48

3+%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%94%E0%B6%A7+%E0%B6%B8%E0%B6%BB%E0%B7%94+%E0%B6%9A%E0%B7%90%E0%B6%AF%E0%B7%80%E0%B7%96+%E0%B6%85%E0%B6%B8%E0%B7%8A%E0%B6%B4%E0%B7%8F%E0%B6%BB%E0%B7%9A+%E0%B6%9A%E0%B7%91%E0%B6%B8+%E0%B6%9A%E0%B7%9C%E0%B7%85%E0%B6%B9%E0%B6%A7
පුද්ගලයන් 3 දෙනෙකුට මරු කැදවූ අම්පාර දේවස්ථානයකින් ලබාදුන් ආහාර කොළඹ වෛද්‍ය පර්යේෂණ ආයතනය වෙත අද (07) යොමුකර තිබෙනවා.

දමන පොලිසියේ ප්‍රකාශකයෙකු සදහන් කළේ සිද්ධිය සම්බන්ධයෙන් මේ වනවිට කඩිනම් විමර්ශනයක් ද ආරම්භ කර ඇති බවයි.

අම්පාර - ඉරක්කාමම් ප්‍රදේශයේ වානගමුව ජුම්මා මුස්ලිම් දේවස්ථානයේ වාර්ෂික දානය පිරිනැමීමේදී එම ආහාර විෂ වීමෙන් මේ වනවිට පුද්ගලයන් තුන්දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

තවත් 200 කට ආසන්න පිරිසක් සමන්තුරේ, අක්කරේපත්තු, අම්පාර සහ අශ්රොෆ් රෝහල්වල ප්‍රතිකාර ලබනවා.

කෙසේ වෙතත්, එහිදී දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කෙරුණු කාන්තාවන් දෙදෙනෙකු සහ එක් පුද්ගලයෙකුයි මෙලෙස ජීවිතක්ෂයට පත්වී ඇත්තේ.

අප වාර්තාකරු සදහන් කළේ ප්‍රතිකාර සදහා රෝහල් ගත කෙරුණු පුද්ගලයින් 150 කට වැඩි පිරිසක් තවමත් නේවාසිකව ප්‍රතිකාර ලබන බවයි.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories