උත්සව සමයේ අවශ්‍ය තරම් ආහාර තොග පවතින බව ආනයනකරුවන් කියයි

Friday, 07 April 2017 - 13:18

%E0%B6%8B%E0%B6%AD%E0%B7%8A%E0%B7%83%E0%B7%80+%E0%B7%83%E0%B6%B8%E0%B6%BA%E0%B7%9A+%E0%B6%85%E0%B7%80%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B6%AD%E0%B6%BB%E0%B6%B8%E0%B7%8A+%E0%B6%86%E0%B7%84%E0%B7%8F%E0%B6%BB+%E0%B6%AD%E0%B7%9C%E0%B6%9C+%E0%B6%B4%E0%B7%80%E0%B6%AD%E0%B7%92%E0%B6%B1+%E0%B6%B6%E0%B7%80+%E0%B6%86%E0%B6%B1%E0%B6%BA%E0%B6%B1%E0%B6%9A%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9A%E0%B7%92%E0%B6%BA%E0%B6%BA%E0%B7%92
මුදල් අමාත්‍ය රවී කරුණානායක සහ කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් අද (07) පිටකොටුව ප්‍රදේශයේ සංචාරයක නිරත වුණා.

ඒ, උත්සව සමයේ වෙළඳපොල කටයුතු සිදුකෙරෙන ආකාරය නිරීක්ෂණය කිරීම සඳහායී.

එහිදී මාධ්‍ය වෙත අදහස් දැක්වු අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනකරුවන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක හේමක ප්‍රනාන්දු කියා සිටියේ උත්සව සමයේ සහල් ඇතුළු ආහාර ද්‍රව්‍යවල මිල ඉහළ යාමක් සිදුනොවන බවයි.

එමෙන්ම, අවශ්‍ය තරම් ආහාර තොග තමන් සතුව පවතින බවද ඔහු එහිදී වැඩිදුරටත් සඳහන් කළා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories