බලපිටියේදී අත්අඩංගුවට ගත් සැකකරු 17 දක්වා රිමාන්ඩ්

Saturday, 08 April 2017 - 7:32

%E0%B6%B6%E0%B6%BD%E0%B6%B4%E0%B7%92%E0%B6%A7%E0%B7%92%E0%B6%BA%E0%B7%9A%E0%B6%AF%E0%B7%93+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%85%E0%B6%A9%E0%B6%82%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%A7+%E0%B6%9C%E0%B6%AD%E0%B7%8A+%E0%B7%83%E0%B7%90%E0%B6%9A%E0%B6%9A%E0%B6%BB%E0%B7%94+17+%E0%B6%AF%E0%B6%9A%E0%B7%8A%E0%B7%80%E0%B7%8F+%E0%B6%BB%E0%B7%92%E0%B6%B8%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E0%B6%A9%E0%B7%8A
කළුතර - එතනමඩල ප්‍රදේශයේදී පාතාල නායක සමයං ඇතුළු 07 දෙනෙකු ඝාතනය කළ සැකකරුවන්ට ආධාර අනුබල දුන් බවට බලපිටිය අධිකරණය අසලදී අත්අඩංගුවට ගත් සැකකරු ලබන 17 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.

ඒ, සැකකරු කළුතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

දැනට සිදුකර ඇති විමර්ශනවලදී අනාවරණය කරගත් තොරතුරුවලට අනුව සහ සී.සී.ටී.වී දර්ශන මගින් ලබාගත් දත්ත වලට අනුව අත්අඩංගුවට ගත් 29 හැවිරිදි රොෂාන් කුමාර ද සිල්වා නැමැති මෙම පුද්ගලයා ප්‍රහාරය සඳහා සැකකරුවන් පැමිණි වෑන් රථයට මග පෙන්වා ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

එසේම මොහු මෙම ඝාතන සිද්ධියේ ප්‍රධාන සැකකරුවෙකු වන පාතාල සාමාජිකයෙකු වන මධූෂ් යන අයගේ ප්‍රධාන ගෝලයෙකුද වන බවයි වාර්තා වන්නේ.

පසුගිය පෙබරවාරි මස 27 වනදා කළුතර - එතනමඩල ප්‍රදේශයේදී බන්ධනාගාර බස් රථ දෙකකට එල්ල වූ වෙඩි ප්‍රහාරවලින් පාතාල නායක සමයං ඇතුළු 7 දෙනෙකු ජීවිතක්ෂයට පත්වුණා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories