ස්වීඩන් ත්‍රස්ත ප්‍රහාරයෙන් 4ක් මරුට

Saturday, 08 April 2017 - 7:41

%E0%B7%83%E0%B7%8A%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%83%E0%B7%8A%E0%B6%AD+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%84%E0%B7%8F%E0%B6%BB%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+4%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B8%E0%B6%BB%E0%B7%94%E0%B6%A7
ස්වීඩනයේ ස්ටොක්හෝම් අගනුවර ජනාකීර්ණ සාප්පු සංකීර්ණයක් වෙත පුද්ගලයෙකු ලොරි රථයක් බලහත්කාරයෙන් පැදවීමෙන් සිදුකළ අනතුරෙන්  පුද්ගලයන් 4 දෙනෙකු මේ වන විට ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.

මෙය ත්‍රස්ත ප්‍රහාරයක් ලෙසයි ස්වීඩන අග්‍රාමාත්‍ය ස්ටෙෆාන් ලොෆ්වන් ප්‍රකාශ කළේ.

සිද්ධියේදී තවත් 12 දෙනෙකු පමණ තුවාල ලැබුවා.

සිකුරාදා සන්ධ්‍යාවේ කලබලකාරී අවස්ථාවක මෙම ප්‍රහාරය එල්ල වී ඇති අතර ත්‍රස්තවාදියෙකු බීර සමාගමකට අයත් ලොරි රථයක් මෙලෙස පැහැරගෙන සාප්පු සංකීර්ණය වෙත පැදවූ බවයි වාර්තා වන්නේ.

සිද්ධිය සම්බන්ධයෙන් සී.සි. ටී.වී. දර්ශන පරීක්ෂා කිරීමෙන් පසු පුද්ගලයෙකු අත්අඩංගුවට ගනු ලැබුවා.

ජනාකීර්ණ ප්‍රදේශවල දී පුද්ගලයන් වාහනවලට යට කිරීමේ ත්‍රස්ත ප්‍රහාර පසුගිය කාලය තුළ යුරෝපා රටවල් කිහිපයකින් වාර්තා වුණා.

පසුගිය වසරේ ජුලි 14 වන දා බැස්ටීලර් දිනය සමරමින් සිටි ප්‍රංශ වැසියන් වෙත නීස් හිදී එලෙස ලොරි රථයක් පැදවීමෙන් පුද්ගලයන් 86 දෙනෙකු ජීවිතක්ෂයට පත්වූ අතර, 300කට අධික පිරිසක් තුවාල ලැබුවා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories