සිරියාවට තවත් ප්‍රහාර එල්ල කරන බවට ඇමරිකාව අනතුරු අගවයි

Saturday, 08 April 2017 - 8:44

%E0%B7%83%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80%E0%B6%A7+%E0%B6%AD%E0%B7%80%E0%B6%AD%E0%B7%8A+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%84%E0%B7%8F%E0%B6%BB+%E0%B6%91%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD+%E0%B6%9A%E0%B6%BB%E0%B6%B1+%E0%B6%B6%E0%B7%80%E0%B6%A7+%E0%B6%87%E0%B6%B8%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B7%8F%E0%B7%80+%E0%B6%85%E0%B6%B1%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%94+%E0%B6%85%E0%B6%9C%E0%B7%80%E0%B6%BA%E0%B7%92
සිරියානු ගුවන් කඳවුරක් ඉලක්ක කරගෙන ඊයේ එල්ල කළ කෲස් මිසයිල ප්‍රහාරය වැනි ප්‍රහාර ඉදිරියේදීත් එල්ල කිරීමට පසුබට නොවන බව ජනාධිපති ට්‍රම්ප්ගේ ඇමරිකානු පරිපාලනය ප්‍රකාශ කළා.

ඇමරිකාව එම ප්‍රහාරය එල්ල කළේ සිරියානු රජය රසායනික අවි භාවිත කරන බවට චෝදනා කරමින්.

කෙසේ නමුත්, එවැනි ප්‍රහාර ත්‍රස්තවාදීන් තවදුරටත් දිරිමත් කරන බවයි සිරියාව සහ රුසියාව ප්‍රකාශ කළේ.

සිරියාවේ ගුවන් ආරක්ෂණ පද්ධති ශක්තිමත් කිරීමට ප්‍රතිඥා දුන් රුසියාව, සිරියානු මෙහෙයුම් සම්බන්ධයෙන් ඇමරිකාව සමඟ ක්‍රියාත්මක කළ සම්බන්ධීකරණ සන්නිවේදන මාර්ග ද වසා දමා තිබෙනවා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories