වෛද්‍ය විද්‍යාලවල අවම ප්‍රමිතිය සකස් කර අවසන් - ඉදිරි සතියේ පීඨාධිපති මණ්ඩපයට- වෛද්‍ය සභාව

Saturday, 08 April 2017 - 13:04

%E0%B7%80%E0%B7%9B%E0%B6%AF%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B7%80%E0%B7%92%E0%B6%AF%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%8F%E0%B6%BD%E0%B7%80%E0%B6%BD+%E0%B6%85%E0%B7%80%E0%B6%B8+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%B8%E0%B7%92%E0%B6%AD%E0%B7%92%E0%B6%BA+%E0%B7%83%E0%B6%9A%E0%B7%83%E0%B7%8A+%E0%B6%9A%E0%B6%BB+%E0%B6%85%E0%B7%80%E0%B7%83%E0%B6%B1%E0%B7%8A+-+%E0%B6%89%E0%B6%AF%E0%B7%92%E0%B6%BB%E0%B7%92+%E0%B7%83%E0%B6%AD%E0%B7%92%E0%B6%BA%E0%B7%9A+%E0%B6%B4%E0%B7%93%E0%B6%A8%E0%B7%8F%E0%B6%B0%E0%B7%92%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B6%B8%E0%B6%AB%E0%B7%8A%E0%B6%A9%E0%B6%B4%E0%B6%BA%E0%B6%A7-+%E0%B7%80%E0%B7%9B%E0%B6%AF%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B7%83%E0%B6%B7%E0%B7%8F%E0%B7%80
මාළඹේ සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය ඇතුළු මෙරට වෛද්‍ය විද්‍යාලවලට අදාළ අවම ප්‍රමිතිය පිළිබද නිර්නායක සකස් කර අවසන් බව ශ්‍රී ලංකා වෛද්‍ය සභාව පවසනවා.

සයිටම් අර්බුදය සම්බන්ධයෙන් රජයේ තීරණය උසස් අධ්‍යාපන අමාත්‍යාංශය මගින් ඊයේ ප්‍රකාශයට පත් කළ අතර, එහිදී එම අමාත්‍යාංශය කියා සිටියේ වෛද්‍ය අධ්‍යාපනයේ අවම ප්‍රමිතිය වෛද්‍ය සභාව මගින් සකස් කරනු ඇති බවයි.

නීතිපතිවරයාගේ අනුමැතිය සහිතව සකස් කරන එම ප්‍රමිතීන් සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් ගැසට් කරන බව ද උසස් අධ්‍යාපන අමාත්‍යාංශය එහිදී කියා සිටියා.

ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ ලේඛකාධිකාරී ටෙරන්ස් ගාමිණී ද සිල්වා හිරු ප්‍රවෘත්ති අංශයට සදහන් කළේ මෙරට වෛද්‍ය අධ්‍යාපනයට අදාළ අවම ප්‍රමිතීන් ස්ථාපිත කිරීම සඳහා වෛද්‍ය සභාව දීර්ඝ කාලයක සිට උත්සාහයක නිරත වන බවයි.

2006 වසරේදී සහ 2007 වසරේදී එම නිර්ණායක ගැසට් මගින් ප්‍රකාශයට පත් කළ ද ඊට පාර්ලිමේන්තුවේ අනුමැතිය හිමි වී නැහැ.

මේ නිසා 2010 වසරේදී එය මාර්ගෝපදේශ ග්‍රන්ථයක් ලෙස ප්‍රකාශයට පත් කරනු ලැබුවා.

වෛද්‍ය විද්‍යාල අවම ප්‍රමිතිය ලෙස ඉදිරිපත් කෙරෙන්නේ අදාළ සංශෝධිත මාර්ගෝපදේශ බව ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ ලේඛකාධිකාරී ටෙරන්ස් ගාමිණී ද සිල්වා සදහන් කළා.

මේ අතර, මාලඹේ නෙවිල් ප්‍රනාන්දු ශික්ෂණ රෝහල සෞඛ්‍ය අමාත්‍යංශය යටතට පවරා ගැනීම සහ සයිටම් සිසුන්ගේ සායනික පුහුණුව සම්බන්ධයෙන් රජය ඉදිරිපත් කළ යෝජනාවලිය පිළිබදව හිරු ප්‍රවෘත්ති අංශය අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයෙන් විසිමක් කළා.

එහි කැදවුම්කරු ලහිරු වීරසේකර හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ සයිටම් ගැටළුව සම්බන්ධයෙන් උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍යාංශය යටතේ නිකුත් කළ යෝජනාවලිය කිසිසේත් පිළිගත නොහැකි බවයි.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories