රට පුරා පොලිස් ස්ථාන වෙත ඇල්කොලයිසර්

Sunday, 09 April 2017 - 19:50

%E0%B6%BB%E0%B6%A7+%E0%B6%B4%E0%B7%94%E0%B6%BB%E0%B7%8F+%E0%B6%B4%E0%B7%9C%E0%B6%BD%E0%B7%92%E0%B7%83%E0%B7%8A+%E0%B7%83%E0%B7%8A%E0%B6%AE%E0%B7%8F%E0%B6%B1+%E0%B7%80%E0%B7%99%E0%B6%AD+%E0%B6%87%E0%B6%BD%E0%B7%8A%E0%B6%9A%E0%B7%9C%E0%B6%BD%E0%B6%BA%E0%B7%92%E0%B7%83%E0%B6%BB%E0%B7%8A
රටපුරා සියලුම පොලිස් ස්ථාන වෙත ඇල්කොලයිසර් හෙවත් බීමත් රියදුරන් හඳුනා ගැනීමට භාවිතා කරන බැලුන් 10,000ක් බෙදා හැරිමට පොලිස් මූලස්ථානය පියවර ගෙන තිබෙනවා.  

සිංහල, හින්දු අලුත් අවුරුද්දට සමගාමීව මේ වන විට රට පුරා මාර්ග නීති කඩ කරන පුද්ගලයන් සහ බීමත් රියදුරත් අත්අඩංගුවට ගැනීම සඳහා විශේෂ මෙහෙයුමක් ක්‍රියාත්මකයි.

ඒ සඳහා පොලිස් රථ වාහන ඒකකයේ විශේෂ කණ්ඩායමක් ද යොදවා තිබෙනවා.

කෙසේ වෙතත්, මාස දෙකකට ආසන්න කාලයක් පුරා පවතින ඇල්කොලයිසර් හිඟය හේතුවෙන් අත්අඩංගුවට ගන්නා රියදුරන් බීමතින් සිටින බවට තහවුරු කර ගැනීමට වෛද්‍යවරයෙකුගේ සහාය ලබා ගැනීමට සිදුව ඇති බවයි වාර්තා වන්නේ.

මේ සම්බන්ධයෙන් හිරු ප්‍රවෘත්ති අංශය පොලිස් මූලස්ථානයෙන් කළ විමසීමකදී එහි ප්‍රකාශකයෙකු සදහන් කළේ බීමත් රියදුරන් හඳුනා ගැනීමට භාවිත කරන බැලුන් රට පුරා සියලුම පොලිස් ස්ථාන වෙත බෙදා හැරීමට කටයුතු කර ඇති බවයි.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories