ඉපලෝගම දී සුදු වෑන් රථයකින් ව්‍යාපාරිකයෙකු පැහැර ගනී (ඡායාරූප)

Tuesday, 11 April 2017 - 7:23

%E0%B6%89%E0%B6%B4%E0%B6%BD%E0%B7%9D%E0%B6%9C%E0%B6%B8+%E0%B6%AF%E0%B7%93+%E0%B7%83%E0%B7%94%E0%B6%AF%E0%B7%94+%E0%B7%80%E0%B7%91%E0%B6%B1%E0%B7%8A+%E0%B6%BB%E0%B6%AE%E0%B6%BA%E0%B6%9A%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B7%80%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%8F%E0%B6%B4%E0%B7%8F%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%B4%E0%B7%90%E0%B7%84%E0%B7%90%E0%B6%BB+%E0%B6%9C%E0%B6%B1%E0%B7%93+%28%E0%B6%A1%E0%B7%8F%E0%B6%BA%E0%B7%8F%E0%B6%BB%E0%B7%96%E0%B6%B4%29
පොලීසියෙන් යැයි පවසා සුදු පැහැති වෑන් රථයකින් ආයුධ සන්නද්ධව පැමිණි පිරිසක් අනුරාධපුර - ඉපලෝගම - පුංචිකුලම ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු පැහැර ගෙන ගොස් තිබෙනවා.

පෙරේදා උදෑසන මෙලෙස පැහැර ගැනීමට ලක්ව ඇත්තේ 38 හැවිරිදි දෙදරු පියෙකු වන අතර ඔහු අනුරාධපුර දිස්ත්‍රික්කයේ දේශපාලනඥයින්ගේ පෞද්ගලික ආරක්ෂකයෙකු ලෙස ද කටයුතු කර ඇති බවයි පොලීසිය සඳහන් කළේ.

එසේම වාහන සීසර්වරයෙකු ලෙස කටයුතු කර ඇති මොහු මුදල් පොළියට ලබා දීම ද සිදුකර ඇති බව ඉපලෝගම පොලීසිය කියා සිටියා.

පැහැර ගැනීම සිදුකළ සැකකරුවන් බණ්ඩාරවෙල පොලීසියෙන් බව පවසා මොහු පැහැරගෙන ගොස් ඇත්තේ ඔවුන්ට අවශ්‍ය පුද්ගලයෙකුගේ නිවසක් පෙන්වීමට යැයි පවසමින්.

අනතුරුව කැබ් රථයකින් නිවසට පැමිණි තවත් කණ්ඩායමක් ඉපලෝගම මංසන්ධියේ පිහිටි සැකකරුගේ නිවසේ සවිකර ඇති සී.සී.ටී.වී. කැමරා 13ක දත්ත ගබඩාව සහ නිවසේ තිබූ සියලු ජංගම දුරකථන ද රැගෙන ගොස් තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් පැහැර ගැනීමට ලක්වූ පුද්ගලයාගේ බිරිඳ ඉපලෝගම පොලීසියට පැමිණිල්ලක් ද සිදුකර ඇති අතර, ඒ අනුව කණ්ඩායම් දෙකක් යොදවා පරීක්ෂණ සිදුකරන බවයි එහි උසස් නිලධාරියෙකු සඳහන් කළේ.

බණ්ඩාරවෙල පොලීසියෙන් මෙම පුද්ගලයා රැගෙන යාමක් සිදුකර නොමැති බවට මේ වන විට හෙළි වී තිබෙනවා.



ඡායාරූප - තිසර සමල් එප්පාවල


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories