සූර්යයා තවමත් ශ්‍රී ලංකාවට ඉහළින් - විජලනයෙන් ආරක්ෂා වෙන්න - සෞඛ්‍ය අංශ ජනතාවගෙන් ඉල්ලයි

Tuesday, 11 April 2017 - 7:35

%E0%B7%83%E0%B7%96%E0%B6%BB%E0%B7%8A%E0%B6%BA%E0%B6%BA%E0%B7%8F+%E0%B6%AD%E0%B7%80%E0%B6%B8%E0%B6%AD%E0%B7%8A+%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F%E0%B7%80%E0%B6%A7+%E0%B6%89%E0%B7%84%E0%B7%85%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+-+%E0%B7%80%E0%B7%92%E0%B6%A2%E0%B6%BD%E0%B6%B1%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%86%E0%B6%BB%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B7%8F+%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1+-+%E0%B7%83%E0%B7%9E%E0%B6%9B%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B6%85%E0%B6%82%E0%B7%81+%E0%B6%A2%E0%B6%B1%E0%B6%AD%E0%B7%8F%E0%B7%80%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%89%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B6%BA%E0%B7%92
වියළි කාලගුණයත් සමඟ ශරීරයේ විජලනයවීම වළක්වා ගත යුතු බව සෞඛ්‍ය අංශ ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා.

මේ දිනවල ශ්‍රී ලංකාවට සූර්යා මුදුන්වීමත් සමඟ පවතින උෂ්ණාධික කාලගුණය හේතුවෙන් ශරීරය විජලනය වීමේ තත්ත්වයන් ඇති විය හැකි බවයි ළමා රෝග විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා සඳහන් කළේ.

වයස්ගත පුද්ගලයින් සහ කුඩා දරුවන් ඊට වැඩි වශයෙන් භාජනය වන බැවින් ඔවුන් පිළිබදව අවධානය යොමු කරන ලෙසයි ඔහු වැඩිදුරටත් ඉල්ලා සිටියේ.

මේ අතර, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ එළඹෙන 15 වන දා වන තුරු සූර්යයා ශ්‍රී ලංකාවට ඍජුවම මුදුන් වන බවයි.

විශේෂයෙන්ම මේ දිනවල උෂ්ණත්වය ඇතැම් ප්‍රදේශවලට සෙල්සියස් අංශක 35 දක්වා ඉහළ යා හැකි බවයි එම දෙපාර්තමේන්තුව අවධාරණය කළේ.




Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories