වරායන් විදේශීය හමුදාවලට භාවිත කිරීමට ඉඩ නොදෙන බව අගමැති කියයි

Tuesday, 11 April 2017 - 19:22

%E0%B7%80%E0%B6%BB%E0%B7%8F%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A+%E0%B7%80%E0%B7%92%E0%B6%AF%E0%B7%9A%E0%B7%81%E0%B7%93%E0%B6%BA+%E0%B7%84%E0%B6%B8%E0%B7%94%E0%B6%AF%E0%B7%8F%E0%B7%80%E0%B6%BD%E0%B6%A7+%E0%B6%B7%E0%B7%8F%E0%B7%80%E0%B7%92%E0%B6%AD+%E0%B6%9A%E0%B7%92%E0%B6%BB%E0%B7%93%E0%B6%B8%E0%B6%A7+%E0%B6%89%E0%B6%A9+%E0%B6%B1%E0%B7%9C%E0%B6%AF%E0%B7%99%E0%B6%B1+%E0%B6%B6%E0%B7%80+%E0%B6%85%E0%B6%9C%E0%B6%B8%E0%B7%90%E0%B6%AD%E0%B7%92+%E0%B6%9A%E0%B7%92%E0%B6%BA%E0%B6%BA%E0%B7%92
ශ්‍රී ලංකාවේ කිසිදු වරායක් විදේශීය රටවල හමුදා කාර්යයන් සඳහා භාවිත කිරීමට ඉඩ ලබා නොදෙන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ප්‍රකාශ කළා.

ජපානයේ අද පැවති සමුළුවකට එක්වෙමින් ඔහු සඳහන් කළේ මෙරට වරායන්හි ආරක්ෂක වගකීම් ශ්‍රී ලංකා නාවික හමුදාවට පමණක් පැවරෙන බවයි.

ජපානයේ නිල සංචාරයක නිරතවන අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහගේ අද දවසේ නිල කටයුතු අරඹමින් පැවති මෙම සමුළුව සංවිධාන කර තිබුණේ ජපාන වෙළඳ සහ කර්මාන්ත මණ්ඩලය, ජපාන ශ්‍රී ලංකා ව්‍යාපාරික සහයෝගීතා කමිටුව ඇතුලූ සංවිධාන කිහිපයක් විසින්.

එරට ප්‍රධාන පෙලේ ව්‍යවසායකයන් 300 ක් පමණ ඊට එක්වූ අතර, සමුළුවේ මුඛ්‍ය දේශනය පවත්වමින් අග්‍රාමාත්‍යවරයා සඳහන් කළේ අනාගත ලෝකයේ වැදගත්ම ආර්ථික කලාපය බවට ඉන්දු - ශාන්තිකර සාගර කලාපය පත්වන බවයි.

මේ අතර අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ අද ජපන් ශ්‍රී ලංකා පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමයේ සභාපතිවරයා මෙන්ම ජපාන ජාත්‍යන්තර සහයෝගීතා ඒජන්සියේ සභාපතිවරයාද හමුවී සාකච්ඡා කළා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories