වන අලි පහරදීම්වලට එරෙහිව ගලෙන්බිදුනුවැව විරෝධතා (ඡායාරූප)

Thursday, 13 April 2017 - 14:36

%E0%B7%80%E0%B6%B1+%E0%B6%85%E0%B6%BD%E0%B7%92+%E0%B6%B4%E0%B7%84%E0%B6%BB%E0%B6%AF%E0%B7%93%E0%B6%B8%E0%B7%8A%E0%B7%80%E0%B6%BD%E0%B6%A7+%E0%B6%91%E0%B6%BB%E0%B7%99%E0%B7%84%E0%B7%92%E0%B7%80+%E0%B6%9C%E0%B6%BD%E0%B7%99%E0%B6%B1%E0%B7%8A%E0%B6%B6%E0%B7%92%E0%B6%AF%E0%B7%94%E0%B6%B1%E0%B7%94%E0%B7%80%E0%B7%90%E0%B7%80+%E0%B7%80%E0%B7%92%E0%B6%BB%E0%B7%9D%E0%B6%B0%E0%B6%AD%E0%B7%8F+%28%E0%B6%A1%E0%B7%8F%E0%B6%BA%E0%B7%8F%E0%B6%BB%E0%B7%96%E0%B6%B4%29
වන අලි පහරදීම් පිළිබදව බලධාරින් අවධානයක් යොමු නොකිරීමට එරෙහිව අනුරාධපුර - කහටගස්දිගිලිය - ගලෙන්බිදුණු වැව මාර්ගයේ කෝමාරිකාවලදී අවට ගම්මාන කිහිපයක පදිංචිකරුවන් පිරිසක් අද (13) උද්ඝෝෂණයක නිරතවුණා.

අප වාර්තාකරු සදහන් කළේ කෝමාරිකාවල, හැට්ටුවැව, මුකිරියාව, රඹෑව, කිරිමැටියාව සහ වැලිගොල්ලෑව යන ගම්මානවල ජනතාව ඊට එක්ව සිටි බවයි.

ගත වූ මාස 3 ක කාලය තුළ වන අලි පහරදීම් වලින් ප්‍රදේශයේ පුද්ගලයින් 4 දෙනෙකු ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.

එහි ආසන්නතම සිදුවීම පෙරේදා වාර්තා වූ අතර, 22 හැවිරිදි තරුණයෙකු එහිදී මියගොස් තිබුණා. උද්ඝෝෂණයට එක්වූ ප්‍රදේශවාසීන් චෝදනා කළේ් වනජිවි නිලධාරින් රාජකාරිය නිසි පරිදි ඉටු නොකිරීම හේතුවෙන් මෙම තත්ත්වය මතුව ඇති බවයි.

උද්ඝෝෂණය හේතුවෙන් කහටගස්දිගිලිය - ගලෙන්බිදුනුවැව මාර්ගයේ ගමනාගමනයට ද බාධා එල්ල වුණා.

පසුව කහටගස්දිගිලිය පොලිස් ස්ථානාධිපතිවරයා ඇතුළු නිලධාරින් පිරිසක් එම ස්ථානයට පැමිණ විරෝධතාවය සමථයකට පත් කිරීමට උත්සාහ කළ ද එහිදී ඇති වූයේ මෙවැනි උණුසුම් තත්ත්වයක්.

මේ අතර, තණමල්විල, මීගස්වැව සහ නිකවැව ප්‍රදේශවලදී වන අලි පහරදීම් හේතුවෙන් පුද්ගලයින් තුන්දෙනෙකු බරපතල තුවාල ලබා තණමල්විල රෝහලට ඊයේ රාත්‍රියේ ඇතුළත් කෙරුණා. පසුව ඉන් දෙදෙනෙකු මියගියා. 



 

ඡායාරූප - ගලෙන්බිඳුණුවැව චින්තක බාලසුරිය


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories