හිටපු ජනපතිගේ කාල්ටන් නිවසේ අමුතු අවුරුදු උත්සවයක් (ඡායාරූප)

Thursday, 13 April 2017 - 18:48

%E0%B7%84%E0%B7%92%E0%B6%A7%E0%B6%B4%E0%B7%94+%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92%E0%B6%9C%E0%B7%9A+%E0%B6%9A%E0%B7%8F%E0%B6%BD%E0%B7%8A%E0%B6%A7%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B1%E0%B7%92%E0%B7%80%E0%B7%83%E0%B7%9A+%E0%B6%85%E0%B6%B8%E0%B7%94%E0%B6%AD%E0%B7%94+%E0%B6%85%E0%B7%80%E0%B7%94%E0%B6%BB%E0%B7%94%E0%B6%AF%E0%B7%94+%E0%B6%8B%E0%B6%AD%E0%B7%8A%E0%B7%83%E0%B7%80%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%28%E0%B6%A1%E0%B7%8F%E0%B6%BA%E0%B7%8F%E0%B6%BB%E0%B7%96%E0%B6%B4%29
තංගල්ලේ පිහිටි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ කාල්ටන් නිවසේ අද අපූරු අවුරුදු උත්සවයක් පැවැත්වුණා.

ඒ ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන පළාත් සභා සහ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන්ගේ සහභාගීත්වයෙන්.

එහිදී තරඟ ඉසව් සඳහා විවිධ නම් යොදා තිබීම එහිදී විශේෂත්වයක්.

මෙම අවුරුදු උත්සවයේ කණා මුට්ටිය බිඳීමේ තරඟය, මහ බැංකුව බිඳීම ලෙස නම් කර තිබූ බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

එමෙන්ම, බැලූන් පිපිරවීමේ තරගය නම් කර තිබුණේ ගූගල් වයිෆයි බැලූන් ලෙසයි.

පිටි මත කාසිය සෙවීම ලැම්බෝ ගිනි සෙවීම ලෙස නම් කර තිබුණා.

රත්තරන් අශ්වයාට ඇස තැබීමේ තරඟයක්ද එහිදී පැවැත්වුණු අතර, තරඟවලින් ජයග්‍රහණ ලැබූ පළාත් පාලන නියෝජිතයින්ට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ත්‍යාග ප්‍රදානය කළා.

ජයග්‍රාහකයන්ට ත්‍යාග ලෙස ලබාදී ඇත්තේ සෙල්ලම් ලැම්බෝගිනි මෝටර් රථ සහ හෙලිකොප්ටර්.

එම අවස්ථාවට එක්වෙමින් හිටපු ජනාධිපතිවරයා මෙලෙස අදහස් පළ කළා.

‘‘ආගමික කටයුතුවල යෙදෙන්න, ඒ වගේම චාරිත්‍රයක් වශයෙන් කිරි උතුර වන්න, ගණුදෙනු කරන්න. මෙය පහුගිය කාල ගණනාවක් තිස්සේ කරගෙන ආපු දෙයක්. මම හිතන්නේ මේ වතාවේ විතරයි ප්‍රශ්නයක් මතුවෙලා තියෙන්නේ. ඒකේ වෙලාවල් පිළිබඳව. නොයෙක් මත ඇති කරනවා, මං නම් මගේ නම් හැම වෙලාවෙම මේ මත කොහෙන් ආවත්, යම් යම් අවස්ථාවලදී මේවා කොහෙන් එනවද, කාගේ උවමනාවට මේ සංස්කෘතික වශයෙන් අප රට, අපි මෙතෙක් කල් පවත්වාගෙන ආපු සංහිඳියාව. මං හිතන්නේ හොඳම සංහිඳියාව මේක තමයි. සිංහල හින්දු ආගමිකයන් සියලූ දෙනා ගරු කරන. ඒකෙත් අද වෙනසක් ඇති කරන්න මේ ආණ්ඩුවට පුළුවන්කම ලැබුණා. එච්චරට දක්ෂයි මේ අවස්ථාවේදී මේ ආණ්ඩුව ක්‍රියාත්මක කරලා තියෙන ආකාරය. රටම බෙදන්න, රටත් බෙදුවා.’’





ඡායාරූප - හම්බන්තොට සනත් ගමගේ


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories