ඩෙංගු වැඩිවීමේ හේතුව වෛරසයේ වෙනසක්

Saturday, 15 April 2017 - 13:17

%E0%B6%A9%E0%B7%99%E0%B6%82%E0%B6%9C%E0%B7%94+%E0%B7%80%E0%B7%90%E0%B6%A9%E0%B7%92%E0%B7%80%E0%B7%93%E0%B6%B8%E0%B7%9A+%E0%B7%84%E0%B7%9A%E0%B6%AD%E0%B7%94%E0%B7%80+%E0%B7%80%E0%B7%9B%E0%B6%BB%E0%B7%83%E0%B6%BA%E0%B7%9A+%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%83%E0%B6%9A%E0%B7%8A
මේ වසරේ ඩෙංගු රෝගීන් වාර්තාවීමේ වැඩිවීමක් දක්නට ලැබුණේ ඩෙංගු වෛරස් කාණ්ඩයේ ඇතිවූ වෙනසක් හේතුවෙන් බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසනවා.

ගතවූ මාස තුනක කාලය තුළ ඩෙංගු රෝගීන් 30 486 ක් වාර්තාවී ඇති අතර, ඉන් වැඩිම රෝගීන් සංඛ්‍යාවක් වාර්තාවූයේ පසුගිය මාර්තු මාසයේයි.

ඉන් සියයට 41 ක ප්‍රතිශතයක් බස්නාහිර පළාතෙන් වාර්තාවී තිබෙනවා.

දිවයිනේ ඩෙංගු රෝගීන් වාර්තාවීම ඉහළ යාමට හේතුවූ කරුණු සම්බන්ධයෙන් ජාතික ඩෙංගු මර්දන ඒකකයේ ප්‍රජා වෛද්‍ය විශේෂඥ ප්‍රසිලා සමරවීර හිරු ප්‍රවෘත්ති අංශයට අදහස් දක්වමින් කියා සිටියේ උණ රෝගය දින දෙකකට වඩා පවතින්නේ නම් වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමුවන ලෙසයි.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories