Update - මීතොටමුල්ල කුණු කන්ද නාය යාමෙන් මියගිය ගණන තවත් ඉහළට

Sunday, 16 April 2017 - 13:10

Update+-+%E0%B6%B8%E0%B7%93%E0%B6%AD%E0%B7%9C%E0%B6%A7%E0%B6%B8%E0%B7%94%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD+%E0%B6%9A%E0%B7%94%E0%B6%AB%E0%B7%94+%E0%B6%9A%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF+%E0%B6%B1%E0%B7%8F%E0%B6%BA+%E0%B6%BA%E0%B7%8F%E0%B6%B8%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B8%E0%B7%92%E0%B6%BA%E0%B6%9C%E0%B7%92%E0%B6%BA+%E0%B6%9C%E0%B6%AB%E0%B6%B1+%E0%B6%AD%E0%B7%80%E0%B6%AD%E0%B7%8A+%E0%B6%89%E0%B7%84%E0%B7%85%E0%B6%A7
මීතොටමුල්ල කුණු කන්ද නායයාමෙන් මියගිය සංඛ්‍යාව 23 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

නායයාමට ලක්වූ ස්ථානය අද පෙරවරුවේ සිදුකළ මෙහෙයුම්වලදී තවත් මියගිය පුද්ගලයින් තුන්දෙනෙකුගේ මළ සිරුරු හමුවූ බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත ජයකොඩි කියා සිටියේ.

මේ වනවිට යුද හමුදාව සහ පොලිසිය ඇතුළු ආරක්ෂක අංශ නිළධාරින් 1050 කට ආසන්න පිරිසක් තවදුරටත් මෙහෙයුම් සිදුකරනු ලබනවා.

මේ අතර, විපතට පත් පවුල් සංඛ්‍යාව සහ හානි වූ දේපල පිළිබඳ නිසි ගණනයක් සහ තක්සේරුවක් සිදුකොට ඒ පිළිබඳ වාර්තාව දින 5 ක් ඇතුළත තමා වෙත ලබාදෙන ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන උපදෙස් ලබාදී තිබෙනවා.

සහන සැලසීම සම්බන්ධයෙන් ආපදා කළමනාකරණ අමාත්‍යාංශයේ අද පෙරවරුවේ පැවති සාකච්ඡාවේදී ජනාධිපතිවරයා මෙම උපදෙස් ලබාදී ඇති බවයි ජනාධිපති මාධ්‍ය ඒකකය නිවේදනය කළේ.

Update :- Sunday, April 16, 2017 1.39 pm
----------------------------------------------------------------
මීතොටමුල්ල කුණු කන්ද කඩා වැටීම හේතුවෙන් මියගිය සංඛ්‍යාව මේ වනවිට 21 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

කෙසේ වෙතත්, නිරීක්ෂණය කර ඇති තවත් මෘත ශරීර දෙකක් ගොඩගැනීමට කටයුතු කරන බවයි හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් රොෂාන් සෙනෙවිරත්න සදහන් කළේ.

මීතොටමුල්ල කුණුකන්ද කඩා වැටීම හේතුවෙන් මියගිය සිරුරු 10 ක් මේ වනවිට කොළොන්නාව ප්‍රදේශයට රැගෙනවිත් තිබෙනවා.

ඉන් මෘත ශරීර 4 ක් එකම පවුලේ අයගේ බවයි පොලිසිය සදහන් කළේ. මළ සිරුරු 4 ක් කොළොන්නාව ඩිපෝව ආසන්නයේ තාවකාලික කූඩාරමක තැන්පත් කර ඇති අතර, තවත් මළ සිරුරු 4ක් කොළොන්නාව රජ මහා විහාරයේ තැන්පත් කර තිබෙනවා.  

ඔවුන්ගේ අවසන් කටයුතු අද කොළොන්නාව පොදු සුසාන භූමියේදී සිදුකිරීමට නියමිතයි.

මියගිය මුස්ලිම් ජාතිකයින්ගේ අවසන් කටයුතු ඊයේ දිනයේම සිදුකර තිබෙනවා.

මීතොටමුල්ල කුණුකන්ද නායයාමෙන් විපතට පත්වූවන්ගේ තොරතුරු ලබා ගැනීම සදහා විශේෂ මධ්‍යස්ථානයක් මීතොටමුල්ල - රාහුල විද්‍යාලයේ පොලිසිය විසින් දැන් විවෘත කර තිබෙනවා.

ආපදාව හේතුවෙන් ජීවිත මෙන්ම දේපල අහිමි වූ පුද්ගලයන් පිළිබද තොරතුරු එම මෙහෙයුම් කාර්යාලය වෙත ලබාදෙන ලෙස පොලිසිය ජනතාවගෙන් ඉල්ලීමක් කළා.

ආපදාවන් හේතුවෙන් අහිමි වූ ජීවිත හා දේපල පිළිබද නිවැරදි සංගණනයක් කිරීම මෙහි අරමුණ බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත ජයකොඩි ප්‍රකාශ කළේ.

කුණු කන්ද කඩා වැටීමෙන් තුවාල ලැබූ 3 දෙනෙකු තවදුරටත් ජාතික රෝහලේ ප්‍රතිකාර ලබනවා.

ජාතික රෝහලේ ප්‍රකාශිකාවක සදහන් කළේ ඉන් එක් අයෙකු දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බවයි.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories