මීතොටමුල්ල ගැන ජනපති අවදානයෙන්

Monday, 17 April 2017 - 6:06

%E0%B6%B8%E0%B7%93%E0%B6%AD%E0%B7%9C%E0%B6%A7%E0%B6%B8%E0%B7%94%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B6%85%E0%B7%80%E0%B6%AF%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A
මීතොටමුල්ල කසළ කන්දේ කොටසක් කඩාවැටීමෙන් සිදුව ඇති හානිය පිළිබදව දින 05 ක් ඇතුලත වාර්තාවක් සපයන ලෙසට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා නිලධාරීන්ට උපදෙස් ලබාදී තිබෙනවා.

ඒ විපතට පත් ජනතාවට සහන සැළසීම පිළිබදව ඊයේ පෙරවරුවේ ආපදා කළමණාකරන අමාත්‍යාංශයේදී පැවති සාකච්ඡාවක් අතරතුරදීයි.

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම සාකච්ඡාවේදී මීතොටමුල්ල කසල කන්ද එම ස්ථානයෙන් ඉවත්කිරිම පිළිබදව ප්‍රමුඛ අවධානය යොමුවුනා.

එමෙන්ම විපතට පත් ජනතාවට උපරිම සහන සපයන ලෙසත් එම කටයුතු වලදී කිසිදු අවස්ථාවක මුදල් පිළිබදව ගැටළුවක් ඇතිකර නොගන්නා ලෙසත් ජනාධිපතිවරයා නිළධාරීන් හට උපදෙස් දෙනු ලැබූවා.

තවදුරටත් අවදානමට ලක්ව ඇති ජනතාව එම ස්ථානවලින් ඉවත්කරමින් මිතොටමුල්ල වී අලෙවි මණ්ඩලයේ ගබඩා 03 ක එම ජනතාව සියලු යටිතල පහසුකම් සහිතව තාවකාලිකව රැදවීමට ඇති හැකියාව පිළිබදව සොයා බලන ලෙසටද ජනාධිපතිවරයා මෙහිදී නිළධාරීන් දැනුවත් කලා.

සෙවීමේ හා මුදාගැනීමේ ක්‍රියාන්විතයේ ප්‍රගතිය පිළිබදව මෙහිදී නිළධාරීන් කරුණු ඉදිරිපත් කල අතර ජනතාවට සහන සැළසීම හා නැවත පදිංචි කිරීමේ කටයුතු සිදුකිරීමේදී ප්‍රදේශවාසීන්ගේ චෝදනාවට ලක් නොවන ආකාරයට ඒවා සිදුකරන ලෙසට ජනාධිපතිවරයා උපදෙස් දෙනු ලැබූවා.







Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories