අගමැති පිළිගැනීමේ නිල උත්සවය අද

Monday, 17 April 2017 - 7:42

%E0%B6%85%E0%B6%9C%E0%B6%B8%E0%B7%90%E0%B6%AD%E0%B7%92+%E0%B6%B4%E0%B7%92%E0%B7%85%E0%B7%92%E0%B6%9C%E0%B7%90%E0%B6%B1%E0%B7%93%E0%B6%B8%E0%B7%9A+%E0%B6%B1%E0%B7%92%E0%B6%BD+%E0%B6%8B%E0%B6%AD%E0%B7%8A%E0%B7%83%E0%B7%80%E0%B6%BA+%E0%B6%85%E0%B6%AF
සිව් දින නිළ සංචාරයක් සඳහා වියට්නාමයට ගොස් සිටින අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පිළිගැනීමේ නිළ රාජ්‍ය උත්සවය අද පෙරවරුවේ වියට්නාම ජනාධිපති මන්දිරයේදී පැවැත්වෙනවා.

ඉන් අනතුරුව අග්‍රාමාත්‍යවරයා සහ වියට්නාම ජනාධිපතිවරයා සමඟ ද්වි පාර්ශවික සාකච්ඡා සිදුකිරීමට නියමිත බවයි අග්‍රාමාත්‍ය කාර්යාලය නිවේදනය කළේ.

වියට්නාම අග්‍රාමාත්‍යවරයාගේ ආරාධනයකට අනුව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ඇතුළු දූත පිරිස වියට්නාමයේ හැනොයි අගනුවරට ඊයේ පස්වරුවේ ළඟා වුණා.

දෙරට අතර රාජ්‍ය තාන්ත්‍රික සබදතා ඉතිහාසයේ, ශ්‍රී ලංකාවේ අග්‍රාමාත්‍යවරයෙකු වියට්නාමයේ නිළ සංචාරයක නිරත වන පළමු අවස්ථාව මෙය වනවා.

හැනොයි නුවර නීනෝ බායි අන්තර් ජාතික ගුවන් තොටුපළේදී අග්‍රාමාත්‍යවරයා ඇතුළු දූත පිරිස එරට විදේශ කටයුතු අමාත්‍යාංශයේ සහකාර අමාත්‍යවරයා ඇතුළු පිරිස උණුසුම් ලෙස පිළිගත්තා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories