මීතොටමුල්ලේ දේපළ හානි තක්සේරුව අද සිට

Monday, 17 April 2017 - 8:28

%E0%B6%B8%E0%B7%93%E0%B6%AD%E0%B7%9C%E0%B6%A7%E0%B6%B8%E0%B7%94%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%9A+%E0%B6%AF%E0%B7%9A%E0%B6%B4%E0%B7%85+%E0%B7%84%E0%B7%8F%E0%B6%B1%E0%B7%92+%E0%B6%AD%E0%B6%9A%E0%B7%8A%E0%B7%83%E0%B7%9A%E0%B6%BB%E0%B7%94%E0%B7%80+%E0%B6%85%E0%B6%AF+%E0%B7%83%E0%B7%92%E0%B6%A7
කොළොන්නාව - මීතොටමුල්ල කුණු කන්ද නාය යාම හේතුවෙන් විපතට පත්වූවන්ගේ දේපළ තක්සේරු කිරීමේ කටයුතු අද සිට ආරම්භ කෙරෙන බව ස්වදේශ කටයුතු අමාත්‍යාංශය පවසනවා.

නිවේදනයක් නිකුත් කරමින් එම අමාත්‍යාංශය පෙන්වා දුන්නේ් කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාලය සහ කොළොන්නාව ප්‍රාදේශීය මහලේකම් කාර්යාල නිලධාරීන් යොදා ගනිමින් එය සිදුකරන බවයි.

එමෙන්ම අවදානම් කලාපවල ජීවත් වන ජනතාව හඳුනා ගනිමින් ඔවුන් සුරක්ෂිත ස්ථාන වෙත යොමු කිරීමේ කටයුතු ද ඒ සමඟම ආරම්භ කිරීමට නියමිතයි.

මේ පිළිබඳ අවශ්‍ය උපදෙස් හා දැනුවත් කිරීම් මේ වන විටත් කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාලය හා කොළොන්නාව ප්‍රාදේශීය මහලේකම් කාර්යාලය වෙත ලබාදී ඇති බව ද ස්වදේශ කටයුතු අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයේ දැක්වෙනවා.

මේ අතර, දේපළ හානි සම්බන්ධයෙන් වන තක්සේරු වාර්තාව දින පහක් තුළ ලබාදෙන ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඊයේ නිලධාරීන්ට නියෝග කළා.

ඒ, ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ පැවැති සහන සැලසීමේ සාකච්ඡාවෙන් අනතුරුවයි.

එමෙන්ම මෙහිදී ආපදාවලට ලක්ව අවතැන්ව සිටින ජනතාව වී අලෙවි මණ්ඩලයට අයත් මීතොටමුල්ලේ පිහිටි ගබඩා සංකීර්ණ 3ක පදිංචි කිරීමට ද නියම කෙරුණා.

මේ අතර ආපදා කළමනාකරණ අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා ඊයේ ප්‍රවෘත්ති සාකච්ඡාවක් කැදවා තිබූ අතර එහිදී අදහස් දක්වමින් ඔහු කියා සිටියේ අවතැන්වූවන් සඳහා නිවාස ලබාදීමට කොළඹ මහ නගර සභාව රුපියල් මිලියන 300ක් ලබාදීමට එකඟ වූ බවයි.















Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories