අගමැති - වියට්නාම අගමැති හමුවෙයි

Monday, 17 April 2017 - 13:09

%E0%B6%85%E0%B6%9C%E0%B6%B8%E0%B7%90%E0%B6%AD%E0%B7%92+-+%E0%B7%80%E0%B7%92%E0%B6%BA%E0%B6%A7%E0%B7%8A%E0%B6%B1%E0%B7%8F%E0%B6%B8+%E0%B6%85%E0%B6%9C%E0%B6%B8%E0%B7%90%E0%B6%AD%E0%B7%92+%E0%B7%84%E0%B6%B8%E0%B7%94%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සහ වියට්නාම අග්‍රාමාත්‍ය ගුයෙන් ෂුඑන් ෆු අතර ද්විපාර්ශවීය සාකච්ඡා අද පෙරවරුවේ ආරම්භ වුණා.

ඒ, වියට්නාමයේ හැනෝයි නුවර එරට ජනාධිපති මන්දිරයේ පැවති නිල පිළිගැනීමේ උත්සවයෙන් අනතුරුවයි.

මෙහිදී දෙරටටම වැදගත් වන ආර්ථික හා සමාජීය කරුණු රැසක් සම්බන්ධයෙන් සාකච්ඡාවට ලක්වී තිබෙනවා.

මෙහිදී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සඳහන් කර ඇත්තේ දෙරටේ අත්දැකීම් යොදාගනිමින් වෙළඳ හා ආර්ථික වශයෙන් ඉදිරියට යාමට වැදගත් අවස්ථාවක් එළඹ ඇති බවයි.

වියට්නාම අග්‍රාමාත්‍ය ගුයෙන් ෂුඑන් ෆු මෙම හමුවේදී ශ්‍රී ලංකා අග්‍රාමාත්‍යවරයාගේ සංචාරය දෙරටේ මිත්‍ර සබඳතා තවදුරටත් වර්ධනය කිරීමට ඉවහල් වන බව ප්‍රකාශ කර තිබෙනවා.

මේ අතර රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කළේ මීතොටමුල්ල සිද්ධිය හේතුවෙන් අග්‍රාමාත්‍යවරයා සිය සිව්දින වියට්නාම නිල සංචාරය කෙටි කර හෙට දිනයේ යළි දිවයිනට පැමිණීමට නියමිතව ඇති බවයි.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories