පොලිස් සැරයන්වරයෙකුට පහර දුන් 8 දෙනෙකු අත්අඩංගුවට - පාසල් සිසුවෙකුත් ඒ අතර (ඡායාරූප)

Monday, 17 April 2017 - 14:57

%E0%B6%B4%E0%B7%9C%E0%B6%BD%E0%B7%92%E0%B7%83%E0%B7%8A+%E0%B7%83%E0%B7%90%E0%B6%BB%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A%E0%B7%80%E0%B6%BB%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%94%E0%B6%A7+%E0%B6%B4%E0%B7%84%E0%B6%BB+%E0%B6%AF%E0%B7%94%E0%B6%B1%E0%B7%8A+8+%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%85%E0%B6%A9%E0%B6%82%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%A7+-+%E0%B6%B4%E0%B7%8F%E0%B7%83%E0%B6%BD%E0%B7%8A+%E0%B7%83%E0%B7%92%E0%B7%83%E0%B7%94%E0%B7%80%E0%B7%99%E0%B6%9A%E0%B7%94%E0%B6%AD%E0%B7%8A+%E0%B6%92+%E0%B6%85%E0%B6%AD%E0%B6%BB+%28%E0%B6%A1%E0%B7%8F%E0%B6%BA%E0%B7%8F%E0%B6%BB%E0%B7%96%E0%B6%B4%29
බණ්ඩාරගම පොලීසියේ සැරයන්වරයෙකුට තියුණු ආයුධයකින් පහර දී තුවාල සිදුකළ පුද්ගලයින් 6 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලීසිය සඳහන් කළේ බණ්ඩාරගම ප්‍රදේශයේ ඊයේ රාත්‍රියේ පැවැති සංගීත සංදර්ශනයක් අතරතුර මෙම පහරදීම සිදුව ඇති බවයි.

එහිදී දෙපිරිසක් අතර ගැටුමක් ඇති වී ඇති අතර, පොලිස් සැරයන්වරයා පහරකෑමට ලක්වී ඇත්තේ එය පාලනය කිරීමට යාමේදියි.

පොලිස් භාරයට ගත් සැකකරුවන් 8 දෙනෙකුගෙන් දෙදෙනෙකු ප්‍රශ්න කිරීමෙන් පසු මුදා හරිනු ලැබූ බව පොලීසිය සදහන් කළා.

අත්අඩංගුවට ගැනුණු 6 දෙනා අතර පසුගිය වසරේ සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටි පාසල් සිසුවෙකු ද සිටින බව සදහන්.

පහරකෑමට ලක්වූ පොලිස් සැරයන්වරයා මේ වන විට හොරණ මූලික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටිනවා.

අත්අඩංගුවට ගත් 6 දෙනා හොරණ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත බවයි පොලීසිය වැඩිදුරටත් සදහන් කළේ.



ඡායාරූප - හොරණ රොහාන් සිල්වා


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories