මීතොටමුල්ලේ නායයාමෙන් මියගිය අයට රුපියල් ලක්ෂය බැගින් වන්දි - මියගිය 14 දෙනෙකුගේ අවසන් කටයුතු විශාල පිරිසකගේ සෝ සුසුම් මැද (ඡායාරූප)

Monday, 17 April 2017 - 16:20

%E0%B6%B8%E0%B7%93%E0%B6%AD%E0%B7%9C%E0%B6%A7%E0%B6%B8%E0%B7%94%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%9A+%E0%B6%B1%E0%B7%8F%E0%B6%BA%E0%B6%BA%E0%B7%8F%E0%B6%B8%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B8%E0%B7%92%E0%B6%BA%E0%B6%9C%E0%B7%92%E0%B6%BA+%E0%B6%85%E0%B6%BA%E0%B6%A7+%E0%B6%BB%E0%B7%94%E0%B6%B4%E0%B7%92%E0%B6%BA%E0%B6%BD%E0%B7%8A+%E0%B6%BD%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%BA+%E0%B6%B6%E0%B7%90%E0%B6%9C%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B7%80%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%92+-+%E0%B6%B8%E0%B7%92%E0%B6%BA%E0%B6%9C%E0%B7%92%E0%B6%BA+14+%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%94%E0%B6%9C%E0%B7%9A+%E0%B6%85%E0%B7%80%E0%B7%83%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9A%E0%B6%A7%E0%B6%BA%E0%B7%94%E0%B6%AD%E0%B7%94+%E0%B7%80%E0%B7%92%E0%B7%81%E0%B7%8F%E0%B6%BD+%E0%B6%B4%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B7%83%E0%B6%9A%E0%B6%9C%E0%B7%9A+%E0%B7%83%E0%B7%9D+%E0%B7%83%E0%B7%94%E0%B7%83%E0%B7%94%E0%B6%B8%E0%B7%8A+%E0%B6%B8%E0%B7%90%E0%B6%AF+%28%E0%B6%A1%E0%B7%8F%E0%B6%BA%E0%B7%8F%E0%B6%BB%E0%B7%96%E0%B6%B4%29
මීතොටමුල්ල - කසල කන්ද නාය යාමෙන් ජීවිතක්ෂයට පත්වූවෙකුට රුපියල් ලක්ෂය බැගින් සහ දේපළ හානියකට උපරිමය ලක්ෂ 25ක් දක්වා වන්දි ගෙවීමට රජය තීරණය කර තිබෙනවා.

මුදල් අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයක දැක්වුණේ පසුගිය දා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් පැවැති සාකච්ඡාවකදී ගනු ලැබූ තීරණයකට අනුව මෙම පියවර ගත් බවයි.

අවතැන් වූවන්ට පිසූ ආහාර ලබාදීමට මහා භාණ්ඩාගාරයෙන් මුදල් ලබා දී ඇති අතර, අවදානම් තත්ත්වයේ පවතින නිවාස සාදා දීමට හෝ විකල්ප  ස්ථානවල පදිංචි කිරීමට රජය කටයුතු කරන බව ද මුදල් අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයේ සදහන්.  

එමෙන්ම මුළුමනින්ම විනාශ වූ නිවාසලාභීන්ගේ කැමැත්ත අනුව මහල් නිවාස ව්‍යාපෘතියක නිවාස ලබාදීමට ද නියමිතයි.

මේ අතර මෙම සිද්ධියෙන් මියගිය තවත් 14 දෙනෙකුගේ අවසන් කටයුතු අද සිදු කෙරුනා.

අප වාර්තාකරු සඳහන් කළේ කොළොන්නාව සුසාන භූමියේදී විශාල පිරිසකගේ සහභාගීත්වයෙන් එම අවසන් කටයුතු සිදු කෙරුනු බවයි.

කුණු කන්ද නාය යාමෙන් මේවන විට 27 දෙනෙකු මරණයට පත්ව ඇති අතර 30 දෙනෙකු අතුරුදන්.

සිද්ධියෙන් තුවාල ලැබු 7 දෙනෙකු කොළඹ ජාතික රෝහලේ තවදුරටත් ප්‍රතිකාර ලබනවා.

යුධ හමුදාව / විශේෂ කාර්ය බලකාය ඇතුලු විශාල පිරිසක් මේවන විටත් කුණු කන්ද නායගිය ස්ථානයේ මෙහෙයුම්වලට එක්ව සිටිනවා.







Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories