මීතොටමුල්ල නායයෑමෙන් 30 ක් මරුට

Monday, 17 April 2017 - 19:22

%E0%B6%B8%E0%B7%93%E0%B6%AD%E0%B7%9C%E0%B6%A7%E0%B6%B8%E0%B7%94%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD+%E0%B6%B1%E0%B7%8F%E0%B6%BA%E0%B6%BA%E0%B7%91%E0%B6%B8%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+30+%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B8%E0%B6%BB%E0%B7%94%E0%B6%A7
මීතොටමුල්ල කසළ කන්ද නායයාමෙන් මියගිය සංඛ්‍යාව 30 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

ඒ සුන්බුන් අතර තිබී තවත් මළ සිරුරු කිහිපයක් හමුවීමත් සමගයි.

සිද්ධියෙන් අතුරුදන් වූවන් සම්බන්ධයෙන් පළමු වරට නිවේදනයක් නිකුත් කරමින් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය අද පෙරවරුවේ සඳහන් කළේ, පුද්ගලයින් 30 දෙනෙකු අතුරුදන්ව ඇති බවයි.

කෙසේ වෙතත් අද පස්වරුවේ, දෙවැනි නිවේදනයක් නිකුත් කරමින් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය එම සංඛ්‍යාව 11 ක් දක්වා අඩුකර තිබෙනවා.

නීතිය හා සාමය සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක අද දිනයේත් මීතොටමුල්ල ප්‍රදේශයේ සංචාරයක නිරත වීමෙන් අනතුරුව සදහන් කළේ තවත් 10 දෙනෙකු පමණ අතුරුදන් වී ඇති බවට විශ්වාස කරන බවයි.

මේ අතර, හමුදා මාධ්‍ය ප්‍රකාශක, බ්‍රිගේඩියර් රොෂාන් සෙනෙවිරත්න හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ අතුරුදන්වූවන්ගේ මළ සිරුරු සෙවීමේ මෙහෙයුම් අඛණ්ඩව සිදුකරන බවයි.

නාය යාමෙන් විනාශයට පත්වූ ප්‍රදේශයේ තක්සේරු කටයුතු අද ආරම්භ කෙරුණා.

හිරු ප්‍රවෘත්ති අංශය සමඟ අදහස් දක්වමින් තක්සේරු දෙපාර්තමේන්තුවේ ප්‍රධාන තක්සේරු නිලධාරිනී පී.ඩී.ඩී.එස්. මුතුකුමාරණ කියා සිටියේ අදාළ තොරතුරු මේ වන විට එක්රැස් කර තක්සේරු කටයුතු ආරම්භ කර ඇති බවයි.  

මීතොටමුල්ල කසල කන්ද නාය යාම හේතුවෙන් ජීවිතක්ෂයට පත් පුද්ගලයින් 17 දෙනෙකුගේ අවසන් කටයුතු අද සිදුකෙරුණා.

ඉන් 14 දෙනෙකුගේ අවසන් කටයුතු සිදුකෙරුණේ කොළොන්නාව පොදු සුසාන භූමියේදියි.

මෙම සිද්ධියෙන් ජීවිතක්ෂයට පත්වූ තවත් කාන්තාවන් දෙදෙනෙකුගේ සහ 14 හැවිරිදි පාසල් සිසුවෙකුගේ අවසන් කටයුතු මාළිගාවත්ත මුස්ලිම් සුසාන භූමියේ සිදුකෙරුණා.

කෙසේ වෙතත්, දේහයන් සඳහා රජයෙන් ලබා දී තිබූ මිනී පෙට්ටිවල ප්‍රමිතිය සම්බන්ධයෙන් ගැටළුකාරී තත්ත්වයක් ද මතු වුණා.

එහිදී දැක ගත හැකි වූයේ රෙදි පටිවලින් බැඳ එම මිනී පෙට්ටි ඥාතීන් විසින් රැගෙන යන ආකාරයයි.

අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩල සිසුන් ද කළුකොඩි රැගෙන අවමංගල්‍ය පෙරහරේ ගමන් කළා.

මීතොටමුල්ල කුණු කන්ද කඩා වැටුණේ පසුගිය 14 වන දින පස්වරු 3ට පමණයි.

ඒ හේතුවෙන් කසල කන්දට මායිම්ව පිහිටි නාගහමුල්ල - දහම් මාවත සහ 23 වත්ත ප්‍රදේශවල නිවාස 140ක් පමණ විනාශයට පත්වුණේ ජනතාව එම නිවෙස්වල රැදී සිටියදියි.

මේ අතර සිද්ධියෙන් තුවාල ලැබූ 7 දෙනෙකු තවදුරටත් කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබනවා.







මේ අතර මීතොටමුල්ල කුණු කන්ද නායයන ආකාරය දැක්වෙන බව පැවසෙන වීඩියෝවක් ද අන්තර්ජාලයට එක්ව තිබෙනවා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories