ධීවරයන් 13 දෙනෙකු අත්අඩංගුවට

Tuesday, 18 April 2017 - 8:49

%E0%B6%B0%E0%B7%93%E0%B7%80%E0%B6%BB%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A+13+%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%85%E0%B6%A9%E0%B6%82%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%A7
නීතිවිරෝධි ලෙස ධීවර කටයුතුවල නිරත වූ මෙරට ධීවරයින් 13 දෙනෙකු නාවික හමුදාව අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පුල්මුඩේ - කොඩුවවකට්ටුමලේ ප්‍රදේශයේ ඔබ්බට වූ මුහුදු සීමාවේ තහනම් දැල් භාවිත කරමින් මොවුන් මසුන් මරමින් සිට ඇති බව සදහන්.

යාත්‍රා 3ක්, තහනම් මාළු දැලක්, නීතිවිරෝධී ලෙස අල්ලන ලද මසුන් කිලෝග්‍ර‍්‍රෑම් 350ක් ද නාවික හමුදාව අත්අඩංගුවට ගෙන ඇති අතර, පසුව ධීවරයන් සහ එම භාණ්ඩ කුච්චවේලි පොලීසියට භාර දී තිබෙනවා.

මේ අතර, කින්නියා ප්‍රදේශයේදී ත්‍රිරෝද රථයකින් ප්‍රවාහනය කරමින් තිබූ ජෙලග්නයිට් කූරු 55ක් සමඟ පුද්ගලයෙකු නාවික හමුදාව අත්අඩංගුවට ගනු ලැබුවා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories