තණමල්විල ජීවිත හා දේපළ හානි සිදුකළ වන අලියා අල්ලයි (ඡායාරූප)

Tuesday, 18 April 2017 - 9:18

%E0%B6%AD%E0%B6%AB%E0%B6%B8%E0%B6%BD%E0%B7%8A%E0%B7%80%E0%B7%92%E0%B6%BD+%E0%B6%A2%E0%B7%93%E0%B7%80%E0%B7%92%E0%B6%AD+%E0%B7%84%E0%B7%8F+%E0%B6%AF%E0%B7%9A%E0%B6%B4%E0%B7%85+%E0%B7%84%E0%B7%8F%E0%B6%B1%E0%B7%92+%E0%B7%83%E0%B7%92%E0%B6%AF%E0%B7%94%E0%B6%9A%E0%B7%85+%E0%B7%80%E0%B6%B1+%E0%B6%85%E0%B6%BD%E0%B7%92%E0%B6%BA%E0%B7%8F+%E0%B6%85%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B6%BA%E0%B7%92+%28%E0%B6%A1%E0%B7%8F%E0%B6%BA%E0%B7%8F%E0%B6%BB%E0%B7%96%E0%B6%B4%29
තණමල්විල ප්‍රදේශ රැසක ජීවිත හානි සහ වගා හානි සිදුකළ වන අලියෙකු වනජීවි නිලධාරීන් විසින් මීගස්ආර ප්‍රදේශයේදී ඊයේ රාත්‍රියේ අල්ලාගෙන තිබෙනවා.

මෙම වන අලියා පසුගිය මාස කිහිපයේ පුද්ගලයන් 5දෙනෙකුට පමණ ජීවිත හානි සිදුකර ඇති අතර අතර වගා හානි රැසක් ද සිදුකර ඇති බවටයි වාර්තා වන්නේ.

වන අලියා විසින් මිනිස් ජීවිත කිහිපයක් බිළි ගැනීම හමුවේ ප්‍රදේශයේ ජනතාව අතර ද දැඩි නොසන්සුන්තාවක් හටගෙන තිබු බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

ඔවුන්ගෙන් වගකිව යුතු නිලධාරීන්ට ද දැඩි දෝෂාරෝපණයක් එල්ලවුනා.

අනතුරුව වනජීවී නියෝජ්‍ය අමාත්‍යවරිය ඇතුලු පාර්ශව කිහිපයක් එක්ව කළ සාකච්ඡාවකින් අනතුරුවයි අලියා අල්ලා ගැනීමේ මෙහෙයුම් ආරම්භ කළේ.

පසුගිය 15 වනදා රාත්‍රී මීගස්වැව ප්‍රදේශයට පැමිණි වනජීවී නිලධාරීන් කඳවුරු බැඳ අලියා අල්ලා ගැනීමේ මෙහෙයුම් ආරම්භ කළා.

ඊට පොලිසියේ ද සහය ලැබී තිබුනා.

ඒ අනුව අල්ලාගත් වන අලියා හොරොව්පතාන අලි රැඳවුම් මධ්‍යස්ථානයට මුදා හැරීම සඳහා රැගෙන ගොස් තිබෙනවා.




ඡායාරූප - සුරියවැව නුවන් ජයසේකර


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories