කොළඹ කුණු දොම්පෙටත් එපාලු

Tuesday, 18 April 2017 - 13:27

%E0%B6%9A%E0%B7%9C%E0%B7%85%E0%B6%B9+%E0%B6%9A%E0%B7%94%E0%B6%AB%E0%B7%94+%E0%B6%AF%E0%B7%9C%E0%B6%B8%E0%B7%8A%E0%B6%B4%E0%B7%99%E0%B6%A7%E0%B6%AD%E0%B7%8A+%E0%B6%91%E0%B6%B4%E0%B7%8F%E0%B6%BD%E0%B7%94
කොළඹ එක්රැස් වන කැලි කසල බැහැර කිරීමට එරෙහිව දොම්පේ ප්‍රදේශවාසීන් පිරිසක් අද පෙරවරුවේ විරෝධතාවයේ නිරත වුණා.

ඒ, කිරිඳිවැල - මාළිගාවත්ත ක්‍රීඩාංගණය අසල ස්ථාපිත කර ඇති කසල රැදවුම අසළ දියි.

මේ අතර, වත්තල - ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ එක්රැස් වන කුණු කසල මුතුරාජවෙල ප්‍රදේශයට බැහැර කරලීමට එරෙහිව වැලිසර - තොටුපළ පාරේ - ශාන්ත ජාකොබ් මාවත ප්‍රදේශයේ දී අද විරෝධතාවක් පැවැත්වුණා.

විරෝධතාවය අතරතුර කුණු රැගෙන පැමිණි ට්‍රැක්ටර් රථ දෙකක් ද ඔවුන් විසින් හරවා යවා තිබෙනවා.

එම ස්ථානයට පැමිණි අමාත්‍ය ජෝන් අමරතුංගට ද විරෝධතාකරුවන් එහිදී විරෝධය පළ කළ බවයි හිරු වාර්තාකරු කියා සිටියේ.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories