බස්නාහිර මහ ඇමතිගේ චෝදනාවට ඇමති පාඨලීගෙන් පිළිතුරු

Tuesday, 18 April 2017 - 15:10

%E0%B6%B6%E0%B7%83%E0%B7%8A%E0%B6%B1%E0%B7%8F%E0%B7%84%E0%B7%92%E0%B6%BB+%E0%B6%B8%E0%B7%84+%E0%B6%87%E0%B6%B8%E0%B6%AD%E0%B7%92%E0%B6%9C%E0%B7%9A+%E0%B6%A0%E0%B7%9D%E0%B6%AF%E0%B6%B1%E0%B7%8F%E0%B7%80%E0%B6%A7+%E0%B6%87%E0%B6%B8%E0%B6%AD%E0%B7%92+%E0%B6%B4%E0%B7%8F%E0%B6%A8%E0%B6%BD%E0%B7%93%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%92%E0%B7%85%E0%B7%92%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%94
මීතොටමුල්ල කැළි කසල ගැටලුව විසඳීම වෙනුවෙන් බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍යවරයා ගෙන ආ බ්‍රිතාන්‍ය සමාගමට ව්‍යාපෘතිය ආරම්භ කිරීමට අවශ්‍ය තාක්ෂණික සහ මුල්‍ය හැකියාවක් නොතිබු බව අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පවසනවා.

නිවේදනයක් නිකුත් කරමින් ඔහු මේබව සඳහන් කළේ ඊයේ ප්‍රධාන අමාත්‍ය ඉසුර දේවප්‍රිය මහතා කළ චෝදනාවකට ප්‍රතිචාර දක්වමින්.

බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍ය ඉසුර දේවප්‍රිය මහතා ඊයේ ප්‍රකාශ කළේ මීතොටමුල්ල කැළි කසල ගැටලුව විසඳීම වෙනුවෙන් යෝජනා ඉදිරිපත් කළ ද නාගරික සංවර්ධන අධිකාරියෙන් ඊට අවසර හිමි නොවු බවයි.

කෙසේවෙතත් ඊට ප්‍රතිචාර දක්වමින් පාඨලී චම්පික රණවක මහතා කියාසිටියේ කැළි කසල බැහැර කරන ඕනෑම ස්ථානයක නියමු ව්‍යාපෘතියක් සිදු කර සාර්ථකත්වය පෙන්වීමට කිසිවකුටත් බාධාවක් නොමැති බවයි.

එමෙන්ම කැළි කසලින් විදුලිය උත්පාදනය කිරීමේ ව්‍යාපෘති යෝජනාවලිය 2016 වසරේ මුල් කාර්තුවේදී ආර්ථික කළමණාකරණ පිළිබඳ කැබිනට් කමිටුව විසින් අධ්‍යයන කර ඇති අතර එහිදී යෝජනා වී ඇත්තේ විද්වත් තාක්ෂණික මණ්ඩලයක් හරයා මෙම යෝජනාව ඇගයීමට ලක් කර ඉදිරි කටයුතු සඳහා ඉදිරිපත් කරන ලෙසටයි.

එම තාක්ෂණික කමිටුවේ ඇගයීම්වලින් පසු පැන නැගුණු කරුණු 17 ක් සම්බන්ධයෙන් විමසා අපද්‍රව්‍ය කළමණාකරණ අධිකාරියේ අධ්‍යක්ෂවරයා වෙත ලිපියක් යොමු කර ඇති අතර ඒ පිළිබඳ මහ අමැතිවරයා දැනුවත් කර ඇති බවයි අමාථ්‍යවරයා කියාසිටියේ.

කෙසේවෙතත් එම කරුණු 17 සඳහා අද වන තෙක් කිසිදු ප්‍රතිචාරයක් දැක්වීමට කිසිදු අධිකාරියක් කටයුතු කර නැතැයි පාඨලී චම්පික රණවක මහතා සඳහන් කළා.

තාක්ෂණික හෝ මුල්‍යමය හැකියාවන් ප්‍රමාණවත් පරිදි නොමැති ආයතන මෙවැනි ව්‍යාපෘති ආරම්භ කිරීමෙන් කසළ තවදුරටත් ගැටලුවක්ම පමණක් වන බව ද මෙම නිවේදනයේ සඳහන්.

අදාළ බ්‍රිතාන්‍ය සමාගම කසළ කළමණාකරන ව්‍යාපෘතියට පර්චස් 60 ක් පමණක් අවශ්‍ය බවට සඳහන් කර තිබු බවට බස්නාහිර පළාත් මහ ඇමතිවරයා සඳහන් කර තිබුන ද අමාත්‍යංශයට ඉදිරිපත් කළ ව්‍යාපෘති වාර්තාවේ ඊට අක්කර 3 ක බිම් ප්‍රමාණයක් අවශ්‍ය බවට දක්වා ඇතැයි පාඨලී චම්පික රණවක මහතා පෙන්වා දෙනවා.

ඒ සඳහා අධිකරණ නියෝගයන්ට අනුව මීතොටමුල්ලේ අක්කර 2 ක ඉඩම් ප්‍රමාණයක්  ලබාදුන් අතර එම කාලය තුල විධිමත් කසල ප්‍රතිචක්‍රීයකරණ ව්‍යාපෘතියක් සඳහා යෝජනා කැඳවා ක්‍රියාත්මක කරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය කොළඹ මහ නගර සභාවට නියෝග කර තිබෙනවා.

එම නියමයන්ට අනුව කටයුතු කිරීමට ද කොළඹ මහ නගර සභාව අපොහොසත්වී ඇති බවයි මහා නගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක වැඩිදුරටත් සඳහන් කළේ.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories