ඇමති ජෝන්ට විරෝධය පළ කර රෝස් ප්‍රනාන්දු අස්වෙන්න යයි !

Wednesday, 19 April 2017 - 18:31

%E0%B6%87%E0%B6%B8%E0%B6%AD%E0%B7%92+%E0%B6%A2%E0%B7%9D%E0%B6%B1%E0%B7%8A%E0%B6%A7+%E0%B7%80%E0%B7%92%E0%B6%BB%E0%B7%9D%E0%B6%B0%E0%B6%BA+%E0%B6%B4%E0%B7%85+%E0%B6%9A%E0%B6%BB+%E0%B6%BB%E0%B7%9D%E0%B7%83%E0%B7%8A+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%B1%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%94+%E0%B6%85%E0%B7%83%E0%B7%8A%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1+%E0%B6%BA%E0%B6%BA%E0%B7%92+%21
කටුනායක ගුවන් තොටුපලේ සංචාරක රියදුරු සංගමයට අමාත්‍ය ජෝන් අමරතුංග තම හිතවතුන් පස්දෙනෙකු බලහත්කාරයෙන් ඇතුලූ කර ඇති බවට කටාන එක්සත් ජාතික පක්ෂ සංවිධායිකා බස්නාහිර පළාත් සභා මන්ත්‍රිනී රෝස් ප්‍රනාන්දු චෝදනා කරනවා.

ඇය කියා සිටියේ එම කටයුත්තට විරෝධය පළ කරමින් තමන් ආසන සංවිධායක ධුරයෙන් ඉල්ලා අස්වන බවයි.

මෙම චෝදනාව සම්බන්ධයෙන් කරුණු විමසීමට අප අමාත්‍ය ජෝන් අමරතුංග සම්බන්ධ කරගැනීමට කිහිප වරක් උත්සාහය කළත් ඔහු දුරකථනයට ප්‍රතිචාර දැක්වූයේ නැහැ.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories