මීතොටමුල්ලේ අවතැන්වූවන්ට හෙට සිට නිවාස - යුද හමුදාවට වගකීම් වැඩිවේ

Wednesday, 19 April 2017 - 18:51

%E0%B6%B8%E0%B7%93%E0%B6%AD%E0%B7%9C%E0%B6%A7%E0%B6%B8%E0%B7%94%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%9A+%E0%B6%85%E0%B7%80%E0%B6%AD%E0%B7%90%E0%B6%B1%E0%B7%8A%E0%B7%80%E0%B7%96%E0%B7%80%E0%B6%B1%E0%B7%8A%E0%B6%A7+%E0%B7%84%E0%B7%99%E0%B6%A7+%E0%B7%83%E0%B7%92%E0%B6%A7+%E0%B6%B1%E0%B7%92%E0%B7%80%E0%B7%8F%E0%B7%83+-+%E0%B6%BA%E0%B7%94%E0%B6%AF+%E0%B7%84%E0%B6%B8%E0%B7%94%E0%B6%AF%E0%B7%8F%E0%B7%80%E0%B6%A7+%E0%B7%80%E0%B6%9C%E0%B6%9A%E0%B7%93%E0%B6%B8%E0%B7%8A+%E0%B7%80%E0%B7%90%E0%B6%A9%E0%B7%92%E0%B7%80%E0%B7%9A
මීතොටමුල්ල ඛේදවාචකය සම්බන්ධයෙන් පූර්ණ වගකීම රජය භාරගෙන අවශ්‍ය කටයුතු සිදුකිරීමට පියවර ගන්නා බව ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයා අද ප්‍රකාශ කළා.

ඒ, සිද්ධිය සම්බන්ධයෙන් ආපදා කලමනාකරණ අමාත්‍යංශයේ අද පැවති විශේෂ සාකච්ජාවකට එක්වෙමින්.

කසළ කන්ද කඩා වැටිම හේතුවෙන් විපතට පත් ජනතාවට නිවාස ලබාදීමේ වැඩසටහන හෙට සිට ආරම්භ කරන ලෙස ජනාධිපතිවරයා එහිදී නිලධාරින්ට එහිදි උපදෙස් ලබා දී තිබෙනවා.

එසේම විද්‍යාත්මකව සිදු කරනු ලැබු පර්යේෂණ අනුව හදුනාගෙන ඇති අධි අවදානම් සහ අවදානම් කලාපවලින් ඉවත් කිරිමට යෝජිත පවුල් වෙනුවෙන්, ජුලි මස මුල් සතිය ඇතුළත නිවාස ලබාදෙන ලෙසද ජනාධිපතිවරයා නාගරික සංවර්ධන අධිකාරියට නියෝග කර තිබෙනවා.

ශ්‍රී ලංකා යුද හමුදාවේ පුර්ණ මෙහෙයවිමෙන් ඉදිරි මාස කිහිපය තුල කුණු කන්ද ඉවත් කිරිමේ කටයුතු සිදු කරන ලෙස සහ අනවසර පදිංචි කිරිම් තහනම් කරන ලෙසද එහිදී නියෝග කිරීම විශේෂත්වයක්.

එසේම වන්දි ගෙවිම සදහා  අවශ්‍ය මුල්‍ය ප්‍රතිපාදන මහා භාණ්ඩාගාරයෙන් වහාම නිදහස් කරන ලෙසයි අග්‍රාමත්‍ය රනිල් වික්‍රමසිංහ සාකච්ජාවේදි උපදෙස් ලබාදී ඇත්තේ.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories