කොළඹ කුණු ආපසු හරවමින් අදත් ප්‍රදේශ කිහිපයක විරෝධතා

Wednesday, 19 April 2017 - 18:58

%E0%B6%9A%E0%B7%9C%E0%B7%85%E0%B6%B9+%E0%B6%9A%E0%B7%94%E0%B6%AB%E0%B7%94+%E0%B6%86%E0%B6%B4%E0%B7%83%E0%B7%94+%E0%B7%84%E0%B6%BB%E0%B7%80%E0%B6%B8%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%85%E0%B6%AF%E0%B6%AD%E0%B7%8A+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%AF%E0%B7%9A%E0%B7%81+%E0%B6%9A%E0%B7%92%E0%B7%84%E0%B7%92%E0%B6%B4%E0%B6%BA%E0%B6%9A+%E0%B7%80%E0%B7%92%E0%B6%BB%E0%B7%9D%E0%B6%B0%E0%B6%AD%E0%B7%8F
කොළඹ කැළි කසළ තම ප්‍රදේශවලට රැගෙන ඒමට විරෝධය පළ කරමින් අදත් ස්ථාන කිහිපයක විරෝධතා පැවැත්වුණා.

කොළඹ නගර සභාවට අයත් කසළ තාවකාලිකව බැහැර කිරීමට අවසර ලබාදී ඇති වේරහැර - කරදියාන කසළ කළමනාකරණ ව්‍යාපෘතිය සහ දොම්පේ කසළ කළමනාකරණ ව්‍යාපෘතිය ආසන්නයේ පැවති විරෝධතා උණුසුම් මුහුණුවරක් ගත් බවයි අප වාර්තාකරුවන් ප්‍රකාශ කළේ.   

 කරදියාන ප්‍රදේශයට කැළි කසළ රැගෙන ඒමට එරෙහිව රත්මලාන - වේරහැර මාර්ගය බොරුපන පාලම අසළින් අවහිර කළ විරෝධතාවට ප්‍රදේශවාසීන් මෙන්ම දේශපාලන පක්ෂ කිහිපයක නියෝජිතයන්ද එක්ව සිටියා.   

කෙසේ වෙතත් කරදියාන අපද්‍රව්‍ය කළමනාකරන ව්‍යාපෘතිය භාර කළමනාකරු ධනුක විජේරත්න ප්‍රකාශ කළේ නියමිත බර සීමාවකට යටත්ව කසළ බැහැර කිරීම සඳහා කොළඹ මහ නගර සභාවට අවසර ලබාදී ඇති බවයි.

දොම්පේ කසළ කළමනාකරන ව්‍යාපෘතිය පිහිටි ස්ථානයේ පැවති විරෝධතාවටද ප්‍රාදේශීය දේශපාලනඥයන් කිහිපදෙනෙකු එක්ව සිටියා.

එසේම එම ස්ථානයට පැමිණි දොම්පේ එක්සත් ජාතික පක්ෂ ආසන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණාටද පිරිස පළ කළේ දැඩි විරෝධයක්.

විරෝධතා ව්‍යාපාරයට එක්වූවන් කියා සිටියේ දොම්පේ කසළ ව්‍යාපෘතිය ප්‍රදේශයේ කසළ පමණක් බැහැර කරන  ව්‍යාපෘතියක් බවයි.

මේ අතර කොළඹ සහ වත්තල ප්‍රදේශයේ කැළිකසළ මුතුරාජවෙල - පට්ටියවෙල ප්‍රදේශයට බැහැර කිරීමට විරෝධය පළ කරමින් එම ප්‍රදේශයේ පදිංචිකරුවන් පිරිසක්ද අද උද්ඝෝෂනයක නිරතවුණා.

මේ හේතුවෙන් එම ස්ථානයට කසළ රැගෙන පැමිණි ලොරි රථද ආපසු හරවාගෙන යෑමට සිදුවුණා.   

එසේම වේයන්ගොඩ - දඹුවවත්ත ප්‍රදේශයට කැළිකසළ රැගෙන ඒමට විරෝධය පළ කරමින් ප්‍රදේශවාසීන් අද කළගෙඩිහේන මංසන්ධියේ උද්ඝෝෂනයක නිරතවුණේ කොළඹ - නුවර ප්‍රධාන මාර්ගයද අවහිර කරමින්.

කොටිකාවත්ත ප්‍රදේශයේද කොළොන්නාවේ කැළි කසළ  ප්‍රදේශයට රැගෙන ඒමට විරෝධය පළ කළ උද්ඝෝෂනයක් අදත් පැවැත්වුණු බව අප වාර්තාකරුවන් සඳහන් කළා.

මේ අතර අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලය මීතොටමුල්ල සිද්ධියට විරෝධය පළ කරමින් අද පේරාදෙණිය - ගලහ මංසන්ධියේදී විරෝධතාවක නිරත වුණා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories