ඉදිරි දෙසතිය තුළ රජයේ තනතුරුවල වෙනසක්

Thursday, 20 April 2017 - 12:40

%E0%B6%89%E0%B6%AF%E0%B7%92%E0%B6%BB%E0%B7%92+%E0%B6%AF%E0%B7%99%E0%B7%83%E0%B6%AD%E0%B7%92%E0%B6%BA+%E0%B6%AD%E0%B7%94%E0%B7%85+%E0%B6%BB%E0%B6%A2%E0%B6%BA%E0%B7%9A+%E0%B6%AD%E0%B6%B1%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B6%BD+%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%83%E0%B6%9A%E0%B7%8A
ඉදිරි දෙසතිය තුළ රාජ්‍ය යාන්ත්‍රණයේ බලවත් වෙනසක් සිදුකරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ප්‍රකාශ කළා.

මාධ්‍ය ආයතන ප්‍රධානීන් සමඟ අද (20) පෙරවරුවේ කොළඹ පැවති සාකච්ඡාවකට එක්වෙමින් ජනාධිපතිවරයා කියා සිටියේ රජයේ ප්‍රධාන තනතුරුවල වෙනසක් ද ඉදිරියේදී සිදුකරන බවයි.

රටේ ආර්ථිකය සම්බන්ධයෙන් එල්ල වන සියලූ චෝදනා වලට පිළිතුරු සපයමින් මේ වසරේදී නව ආර්ථික ප්‍රවේශයකට රජය සූදානම් බව ප්‍රකාශ කළ ජනාධිපතිවරයා ඇමරිකානු ඩොලර් බිලියන 5 ක විදේශ සංචිත සමඟ මේ වනවිට ආර්ථිකය ශක්තිමත් සහ නිවැරදි මාර්ගයට පිවිස ඇතැයි අවධාරණය කළා.

එමෙන්ම, විගණන පනත් කෙටුම්පත කඩිනමින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවයි ජනාධිපතිවරයා කියා සිටියේ.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories