කොළඹ කුණු නිසා කිරිඳිවැල උණුසුම් වෙයි (ඡායාරූප)

Thursday, 20 April 2017 - 15:29

%E0%B6%9A%E0%B7%9C%E0%B7%85%E0%B6%B9+%E0%B6%9A%E0%B7%94%E0%B6%AB%E0%B7%94+%E0%B6%B1%E0%B7%92%E0%B7%83%E0%B7%8F+%E0%B6%9A%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B6%B3%E0%B7%92%E0%B7%80%E0%B7%90%E0%B6%BD+%E0%B6%8B%E0%B6%AB%E0%B7%94%E0%B7%83%E0%B7%94%E0%B6%B8%E0%B7%8A+%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92+%28%E0%B6%A1%E0%B7%8F%E0%B6%BA%E0%B7%8F%E0%B6%BB%E0%B7%96%E0%B6%B4%29
කොළඹ එක් රැස් වන කසල දොම්පේ ප්‍රදේශයට බැහැර කිරීමට විරෝධය පළ කරමින් ප්‍රදේශවාසීන් පිරිසක් උද්ඝෝෂනයක නිරත වනවා.

හංවැල්ල කිරිඳිවැල ප්‍රධාන මාර්ගය අවහිර කරමින් ඔවුන් විරෝධතාවයේ නිරතවන බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

කිරිඳිවැල මාළිගාවත්ත කසල කළමණාකරණ මධ්‍යස්ථානය අසල විරෝධතාවේ නිරත පිරිස් අවධාරණය කරන්නේ දොම්පේ ප්‍රදේශයේ එක් රැස්වන  කසල මෙම මධ්‍යස්ථානයට රැගෙන ආව ද කොළඹ කුණු රැගෙන ඒමට ඉඩ ලබා නොදෙන බවයි.

විරෝධතාවය පැවැත්වෙන ස්ථානයේ පොලිසිය සහ පොලිස් විශේෂ කාර්ය බලකාය ද යොදවා තිබෙනවා.

කසල රැගෙන ආ වාහන රැසක් ද මාර්ගයේ නවතා ඇති අතර මෙම විරෝධතාවට එක්ව සිටින පිරිස් අතර උණුසුම් තත්වයක් මතුව ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

කැරළි මර්දන ඒකකය මෙන්ම ජල ප්‍රහාරක රථ ද මෙම ස්ථානයට රැගෙන විත් ඇතැයි සඳහන්.

මේ අතර මීතොටමුල්ල කුණු ටොන් 300 පමණ ප්‍රමාණයක්  රැගත් රථ (ඩ්‍රම්ට්‍රක්) ජාඇල- පමුණුගම  ප්‍රදේශයට පැමිණ  බැහැර කිරීමට සූදානමක්  ඇතැයි  ලද තොරතුරු මත එම ප්‍රදේශවාසීහු දෑලතුර ඇල ඉවුර සිට අද (20) බලා සිටියා.

ඒ එසේ වාහන පැමිණියහොත් එය වලක්වාලීමට සඳහායි.

එහෙත් උදැසන සිට මධ්‍යාහ්න 2 වනතුරුත් එවැනි දෙයක් සිදු නැහැ.

මීතොටමුල්ල කුණු පමුණුගමට ගෙන ඒමට ගම්මුන් ඉඩ නොදීමෙන් යම් සිදුවීමක්  හට ගතහොත් එය පාලනය කිරීමට  මීගමුව පොලිස් කොට්ඨාශයෙන් නිළධාරින් සිය දෙනෙකු පමණ සීරුවෙන් තබා තිබු බවද වාර්තා වනවා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories