ෂී සෙල්ස් රැකියා පෙන්වා රුපියල් කෝටි දෙකක් වංචා කළ පුද්ගලයෙකු අත්අඩංගුවට

Friday, 21 April 2017 - 13:10

%E0%B7%82%E0%B7%93+%E0%B7%83%E0%B7%99%E0%B6%BD%E0%B7%8A%E0%B7%83%E0%B7%8A+%E0%B6%BB%E0%B7%90%E0%B6%9A%E0%B7%92%E0%B6%BA%E0%B7%8F+%E0%B6%B4%E0%B7%99%E0%B6%B1%E0%B7%8A%E0%B7%80%E0%B7%8F+%E0%B6%BB%E0%B7%94%E0%B6%B4%E0%B7%92%E0%B6%BA%E0%B6%BD%E0%B7%8A+%E0%B6%9A%E0%B7%9D%E0%B6%A7%E0%B7%92+%E0%B6%AF%E0%B7%99%E0%B6%9A%E0%B6%9A%E0%B7%8A+%E0%B7%80%E0%B6%82%E0%B6%A0%E0%B7%8F+%E0%B6%9A%E0%B7%85+%E0%B6%B4%E0%B7%94%E0%B6%AF%E0%B7%8A%E0%B6%9C%E0%B6%BD%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%85%E0%B6%A9%E0%B6%82%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%A7
සීෂෙල්ස් රාජ්‍යයේ රැකියා ලබාදෙන පවසමින් පුද්ගලයින් මුලා කර රුපියල් කෝටි දෙකකට ආසන්න මුදලක් වංචා කළ විදේශ රැකියා නියෝජිත ආයතනයක් පවත්වාගෙන ගිය පුද්ගලයෙකු විදේශ සේවා නියුක්ති කාර්යාංශය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

කඩවත ප්‍රදේශයේ පවත්වාගෙන ගිය මෙම විදේශ රැකියා ආයතනය, සීෂෙල්ස් රාජ්‍යයේ රැකියා ලබාදෙන බව පවසමින් පුවත්පත් දැන්වීම් පළ කර ඇති බව සඳහන්.

අනතුරුව රැකියා අපේක්ෂාවෙන් පැමිණෙන පුද්ගලයන්ගෙන් මූලික ගෙවීම් ලෙස රුපියල් ලක්ෂයකට ආසන්න මුදලක් බැගින් ලබාගෙන ඇති බවටයි වාර්තා වන්නේ.

2016 වසරේ අගෝස්තු මස සිට 2017 වසරේ පෙබරවාරි දක්වා කාලය තුළ මෙම වංචාව සිදුකර ඇති අතර, මේ සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පුද්ගලයා අදාළ ආයතනයේ කළමනාකරු ලෙස පෙනී සිට තිබෙනවා.

පසුව හදිසියේ මෙම ආයතනය වසා දමා ඇති අතර, ඒ සම්බන්ධයෙන් විදේශ සේවා නියුක්ති කාර්යාංශයට ලැබුණු පැමිණිලි සැලකිල්ලට ගනිමින් මෙම පුද්ගලයා වලස්මුල්ල ප්‍රදේශයේ රැඳී සිටියදී අත්අඩංගුවට ගනු ලැබූ බවයි කාර්යාංශය සදහන් කළේ.

එහිදී ඔහු සමඟ විදේශ ගමන් බලපත්‍ර 200 කට ආසන්න ප්‍රමාණයක්ද විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ නිලධාරීන්ගේ භාරයට ගෙන ඇති අතර, එම විදේශ රැකියා නියෝජිත ආයතනයේ බලපත්‍රයද අසාදු ලේඛණ ගතකර තිබෙනවා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories