ඉන්දියාව සිකුරු ග්‍රහයා වෙත අභ්‍යාවකාශ යානයක් යැවීමට සැරසේ

Saturday, 22 April 2017 - 11:45

%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80+%E0%B7%83%E0%B7%92%E0%B6%9A%E0%B7%94%E0%B6%BB%E0%B7%94+%E0%B6%9C%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%84%E0%B6%BA%E0%B7%8F+%E0%B7%80%E0%B7%99%E0%B6%AD+%E0%B6%85%E0%B6%B7%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%8F%E0%B7%80%E0%B6%9A%E0%B7%8F%E0%B7%81+%E0%B6%BA%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B6%BA%E0%B7%90%E0%B7%80%E0%B7%93%E0%B6%B8%E0%B6%A7+%E0%B7%83%E0%B7%90%E0%B6%BB%E0%B7%83%E0%B7%9A
2013 වසරේදී අඟහරු ග්‍රහයා වෙත යැවූ ආකාරයේ ගවේෂණ යානයක් සිකුරු ග්‍රහයා වෙත යැවීම සඳහා ඉන්දීය අභ්‍යාවකාශ පර්යේෂණ සංවිධානය සැලසුම් සකස් කරමින් සිටිනවා.

සිකුරුගේ කක්ෂයේදී සිදුකළ යුතු පරීක්ෂණ පිළිබදව එමගින් දැනටමත් ඉන්දීය විද්‍යාඥයන්ගේ අදහස් විමසා ඇති බවයි හින්දු පුවත්පත සදහන් කළේ.

කිලෝග්‍රෑම් 175ක බරකින් සහ වොට් 500ක බලයෙන් යුත් ගවේෂණ උපකරණ සිකුරු වෙත රැගෙන යාමට ඔවුන්ගේ අපේක්ෂාවයි.

කහ ග්‍රහයා ලෙස සැලකෙන සිකුරුට කිලෝමීටර් 500ත්, 60,000ත් අතර පිටත කක්ෂයේ සැරිසරා ඉන් අනතුරුව ග්‍රහයා වෙත සමීප වීම ඉන්දීය විද්‍යාඥයන්ගේ සැලසුමයි.

කෙසේ නමුත්, 2020 වන තුරු ඉන්දියාවේ සිකුරු ගවේෂණ මෙහෙයුම ක්‍රියාත්මක කිරීම දුෂ්කර වනු ඇති බවයි විශ්වාස කෙරෙන්නේ.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories